Sunday, June 7, 2015

හඳ එන්නේ කොහි සිටදැයි පොඩි දරුවෙක් අසයි. හඳ මෙසේ පිළිතුරු දෙයි.............




සුදෝ සුදු වළාවන්ගෙන් බිත්ති බැඳ

ඒ මත තරු කැකුළු අලවා එළිය දෙන

නිවහනක් මටත් ඇත අනන්තෙට කිට්ටුව



එහෙත් එහි කිරි සිනා නැත

ඉතින් මම එමි හිත පුරෝගෙන

පුන් පෝය දවසට



අමාවකට හිත සිඳිලා

දැකිය නොහැක මාව

ඒ වගේ වෙලාවට අඳුරු වළා අතර

හැංගී නුඹ දෙස බලා හිඳිමි මං





අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි