මේ මගේ පාළුවයි
මං ආස පාළුවයි
අනුන්ගේ පාළුවට තනි රැක්ක
මගේ පාළුවට කෙනෙකු නොසොයමි මම
පාළුව මගේ අයිතිය
කාටවත් නැති කරන්නට අයිතියක් නැත
කුරුළු පිහාටු අවැසි නැත
පාළුව හිතට පිහාටු දී ඇත
සරන්නට සිතන්නට
මගේ පාළුව ගැන හිතන්නෙම වෙන අය
මම ආසයි මට ආස විදියට මම වෙන්න
කාගෙවත් නිර්මාණයක් නොවෙන්න
ඒ හින්ද මගේ පාළුව මටම දෙන්න
හිතුවිලි උපද්දන පාළුව
වළාකුළු උඩ නිදිකරවන පාළුව
හිත නිරුවත් කරවන පාළුව
සළු ඇඳ ගත් උන් වෛර කරන පාළුව
කවුරු හරි ඒ ගැන කතා කරන කොට
ReplyDeleteපැදුරටත් නොකියා පලා යන
පාළුව...
ඒ වුනාට වෙලාවකට පාළුවත් පට්ට ම පාළුයි...
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteසුපිරි!
ReplyDeleteඅගෙයි... නියමයි
ReplyDeleteපට්ට...
ReplyDeleteහිතිවිලි උපද්දන පාළුව පාලුවටම යන්නයි මේ හිත කැමති ඒ තරමටම පාළුව හිත රිද්දන නිසා
ReplyDeleteපාලුව පුරුදුවෙච්ච මිනිහෙක්ගෙන් අහපන් ආපහු සමාජගතවෙන්න කොච්චර අකමැතිද කියලා.පාලුව,තනිකම හිතට හරි නිවනයි කිවුවළු.
ReplyDeleteඅම්මේ ඔව් .. පාළුවේ ඉඳල සමාජගත උනාට පස්සෙ සමාජෙ පාළු කරන්න හදන්නෙ :p
Deleteලස්සනයි... පාලුව නියම මාතෘකාවක්
ReplyDeleteපාළුව තරම් සුන්දර දෙයක් එක වෙලාවකට නෑ බං..
ReplyDeleteසැමදා තනියට,
ReplyDeleteකිසිවෙකු ළඟ නොසිටියද,
මා ලඟම සිටින ,
මගේ මිතුරු පාළුව..
----------
පද පේලිය යම් බොහොම අගෙයි(මගේ නොව ඔබේ)
ලස්සනයි කිචි... එක නෙවෙයි බ්ලොග් එක ෆලෝ වෙන්නෙ නෑ නෙ...
ReplyDeleteඇයි බං ඒ ඒක වෙන්න බෑනෙ
Deleteඅඩෝව්.... පාලුව තරම් හොඳ දෙයක් තියනවද ඩෝව් ... ඇත්තම කිව්වොත් මම ආසම පාලුවට ......
ReplyDeleteපද පෙල ටොප්!
ReplyDeleteඒකෙත් සැප දන්නෙ විඳින එකා තමා.
පාළුව තමා කවි සිත් අවධි කරවන්නෙ
ReplyDeleteජයවේ කිචී!
ඉස්සර මම ඕක සම්භාව්‍ය විදියට මෙන්න මෙහෙම හිතාගෙන හිටියා I'm not alone because loneliness is always with me :)
ReplyDeleteඑල ද බ්‍රා..
ReplyDeleteනිසදැස ලස්සනයි
උඹේ බ්ලොග් එක මට කලින් හම්බ නොවිච්ච එකක්...
ReplyDeleteදැන් එන්නම් දිගටම...
පැදිපෙළ ලස්සනයි මචං...
///අනුන්ගේ පාළුවට තනි රැක්ක
මගේ පාළුවට කෙනෙකු නොසොයමි මම ///
පාළුව විඳගෙන තනියෙන් ඉන්න එක සැපක් කියල අපිටත් හිතෙනවා බන් වෙලාවකට... හෙහ් හෙහ්...
හමුවීම සතුටක් ලොකු පුතා
Delete