නුඹ මුදාහරින පාලනය
හරි බරය මා මතය
ළං වෙන්න වැට උසය
කඩුළු දොර චිරි චිරිය
හරි අමුතු හිතක් ගාව
හරියටම උමතු වූයෙමි
වැරදියට දකීවිද
ලෝකයට තරහ බැඳ ගමි
හැමදාටම මිසක්
බෝඩිමකට ඉඩක් නැද්ද
ගෙදරක දැනෙන සුවය
බෝඩිමක දැනෙන්නෙම නැද්ද
දෙපස සුවඳින් මත්ව
දෙපැත්තම බලන්නෙමි
බලන හැම විටකදිම
නුඹ පරව බිම වැටී
නොකියාම යන්න යැයි
නුඹ පලාවම බෙදයි
කියන්නද එපා යැයි
නුඹෙ පලා හරි රහයි
රහයි
ReplyDeleteස්තූතියි දේශකයා
Deleteහරි අමුතු හිතක් ගාව තමා නතර වෙලා තියෙන්නෙ :)
ReplyDeleteහරියට හරි
Deleteඑළ..
ReplyDeleteඑළ
Deleteපලා යන්නට බැරි පලා රසයක්.
ReplyDeleteපලා යන්නෙ කොහොමද පලා රහ දැනෙද්දි
Deleteනියමයි........
ReplyDeleteඅවංකවම ස්තූතියි
Deleteලස්සනයි....
ReplyDeleteස්තූතියි
Delete