සමණළයෙක් වෙන්න
පාරමිතා පුරන දළඹුවා
තාම පිං මදිව මල් සුවඳ
යනු කුමක්දැයි හොයනවා
කෙහෙල් කඳ පලාගෙන
කෙහෙල් මල පිපෙනවා
කෙහෙල් කඳ බදාගෙන
දළඹු ඇස් ලොබ බඳිනවා
සමණල්ලු නාවට
කෙහෙල් මල ගාවට
දළඹු සිත ආදරේ
මුල් අකුරු ලියනවා
ආදරෙම නොවුනට
මොකක්දෝ හැඟීමක
කිතිය අරගෙන ආපු
දළඹු පහසින් කෙහෙල් මල
මොනවදෝ හොයනවා
දෙන්න මල් රොන් නැතුව
කෙහෙල් මල තැවෙනවා
වෙන්න සමණල් බැරුව
දළඹු දුක අහනවා
දළඹු පෙම ගාවගෙන
කෙහෙල් මල කසනවා
නියම වෙනස් අදහසක් සහ අපූරු පද බැඳීමක්!
ReplyDeleteබොහොම ස්තූතියි මධු
Deleteඅපූරුයි මචෝ..... යටි අරුත මනාව පිළිබිඹුවෙනවා...
ReplyDeleteතෑන්ක්ස් වේවා
Deleteමට මතක් උනේ දිවුල්ගනේ ගේ සින්දුවක්..
ReplyDelete///සඳුට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්..
හිරුට පෙම් බැඳී එකද තරුවක් සිටිය නොහැකිද යම්..///
හම් හම්
Deleteඅපූරුයි කිචියෝ... වෙනස්ම අදහසක්..
ReplyDeleteතෑන්කූ සජ්ජා
Deleteමම හිතන්නේ මම මෝඩ වෙලා! මට තේරුනේ නෑ බන්!
ReplyDeleteඋඹට නොතේරුනා කියන්නෙ මම අසාර්ථකයි කියන එක
Deleteපට්ට මචං. පද පේළි ලස්සනට ලියල තියෙනවා. මධු කිව වගේ වෙනස් අදහසක්. නියමයි.
ReplyDeleteජය වේවා !!!
තෑන්ක්ස් මචං
Deleteසුපිරි කිචියෝ...... මේවාගේ ඒවා පට්ටයි හරිද???
ReplyDeleteබොහොම ඉස්තූතියි කුරුටු උඹට
Delete