හැඩි කරං හිත
වක්කරං ඇස් ලුණු වතුර
කඩං නූලත් සරුංගල් ජීවිතය
විහිං අපායේ දොර ඇරගෙන
විරිතක් ඕනෙමද කවියකට
ළිඟුවක් ඕනෙමද යෝනියට
වියතක් තරම් නැති ලෝකයක
අගුළුත් කඩං ඇහැරෙන්න
ඈතින් ඉඳන් එළි අල්ලමි
පාරත් හොයං නුඹ යනු ඇති
ඒකත් හීනයක් නොවනු ඇති
හුස්මත් එක්ක සෙල්ලම් හොඳ නැති
දාහක් රහස් කියලත්
තාමත් බරද ඔලුවත්
තේරුම් ගන්න බැරුවත්
තේරුම හොයන තවමත්
දෙවෙනි කවියේ දෙවෙනි පදේ.. හෙමිහිට රසට තොලක් දාන ගමන් දිව හපා කෑවා වගේ.. වෙන උපමාවක් තිබ්බෙම නැද්ද? :/
ReplyDeleteමටත් ඒක හිතුනා...මෙච්චර රසට ලියවුනු කවියකට මොන එහෙකට හු**කුයි, ප**කුයි එබුවද මන්දා........
Deleteඅවුල් වගේද බං
Deleteලස්සනයි............. අමුතුයි...
ReplyDeleteස්තූතියි
Deleteහුස්මත් එක්ක සෙල්ලම් හොඳ නැති
ReplyDeleteවැරදුනොත් හුස්ම යා හැකි.
හම්
Delete