Sunday, July 3, 2016

ඇයි ඇවිත් ගියෙ රාහුල


ඉඩ මදිද ගැබ් පෙළහරට
හිත නැද්ද මේ සුදොවුන්ට
දුක නං තමයි හදපු ගිහි ගෙයම
ඇයි ඇවිත් ගියෙ රාහුල

අම්මත් තරහ මං එක්ක
දෙවියොත් බැලූවෙම අහක
කවුද අකමැති කිරි සුවඳකට
ඇයි ඇවිත් ගියෙ රාහුල

සංසාරෙ හැටි කියන්නද
පිංපාරෙ මං යවන්නද
හීන කඳු නාය යවන්නද
ඇයි ඇවිත් ගියෙ රාහුල

7 comments:

  1. කවුද අකමැති කිරි සුවදකට ... ඉක්මණට යලි එන්න රාහුල ...

    ReplyDelete
  2. සුදොවුන් සම්බන්ධ වෙන එක තේරුණේ නෑ බං..

    ReplyDelete
    Replies
    1. මෙතන වෙලා තියෙන්නෙ ගබ්සාවක් මචං. ආදරෙං බලං හිටපු ළමයි යන්න ගිහිං. හරියට සිදුහත් සුදොවුන්ව දාලා ගියා වගේ මේ තාත්තා දුක් වෙනවා

      Delete