හිනාවෙන ඇස් යටත්
ගිණි පුළිඟු තියෙනවා
මරණයේ සුසුම් යට
ජීවිතය අළු
ගසනවා
අහිංසක කඩුව
අරගෙන
ඇඟිලි මාල
ගොතනවා
සමණලෙක් බාඳුරාවක්
නෙලං
බඹර පැණි
පුරනවා
මග වරදියි මග
බලද්දි
වැරදිලාම පේනවා
පිළිවෙලකට යන්න
මගක්
නැති වුණාම
රිදෙනවා
No comments:
Post a Comment