තටු ගසනු නොහැකිද
කූඩුවේ කිරිලිය
ගහ කොළක වසන්නට
හිතේ ආසා නැතිද
හිරි වැටුණු තටු වලට
සුවඳ සම්භාහනයක් අකැපද
කූඩු දොරගුළු හරින හීනයක් දකිමුද
අනඟ හී සර කිතිය හරි සැරට දැණුනද
අනඟ හී සර කිතිය හරි සැරට දැණුනද
නොදැක අහසක් නොවැදි හුළඟක්
කිරිලි සිත වීද තැන්පත්
හිමි බෝම අයහපත්
කිරිලි සිත වීද තැන්පත්
හිමි බෝම අයහපත්
නුඹ කාලයෙන් වියපත් රූපයෙන් පෝසත්
නුරාගික කිචි බිචිය හතරතින්
දොර හරින යතුරු ගත් විහඟුන්
වනා අත් මවා හිරිවැටුමන්
සෙනෙහසක් නොනැගෙයි හැම නුරා හදකින්
නුරාගික කිචි බිචිය හතරතින්
දොර හරින යතුරු ගත් විහඟුන්
වනා අත් මවා හිරිවැටුමන්
සෙනෙහසක් නොනැගෙයි හැම නුරා හදකින්
අමුතුම මාතෘකාවක්! සුපිරියි අයියේ!!
ReplyDeleteතෑන්ක්ස් බස්සි
Deleteකිචී අපි පරක්කුද මන්දා මේ පැත්තට ඒන්න... කොහොම හරි ඔබ අාපු පාරෙම අැවිත් පාර හොයාගත්තා.. දැන් දිගට ම ඒන්නම්... බ්ලොගය නියමයි.. කවි සුපිරියි
ReplyDeleteපරක්කු නෑ එන්න තව කුරුටු ගාමු
Deleteආදරේ වියපත් වෙන්නේ නෑ කියනවනේ.. නියමයි මචෝ..
ReplyDelete