ඈ වන්දනාවේ ගිහිං ......
මග තනිව යනකොට
හරි පාළු දැනුනද
මං ළඟින් නැතුවට
තරහවක් ආවද
වංගු දහ අට නැගල
එනකොට හුන්නස්ගිරියට
ආදරෙත් වංකගිරියක්
කියල හෙම හිතුනද
සිරිමහා බෝධියේ
හැබෑ කොළ නොවැටුනට
හිත් තලිය කවමදාවත්
පහල ගං යන්නෑ නේද
වැරදි පිරි අතීතය පඬුරු කර දුන්නෙමි
යෝධ ඇළ නැම්ම සේ දැන් ඉතිං නැගිටිමි
හිතේ වාරුව ගතට දී ඉක්මනින් සුව වෙමි
නුඹ එක්ක ආයෙමත් වන්දනාවේ යමි
වාව්.......... පට්ට කිචිය
ReplyDeleteඔබේ කිචිය මගේ සතුටයි
Delete