අමුතුකම
කිසිවෙකුත් මගේ සිත නොකියවයි
ලෝකයට නොගැලපෙන
විකාර ගති ඇති අමුතු වෙනස්කමක්
මා තුලින් දකින්නට උත්සාහ ගනිති
විවෘත හදවතක් සහිතව
සංස්කෘතික සීමාවන්ගෙන් තොරව
ක්ෂිර පථයට විහිදුනු සිතකින්
මනසට මී බඳුන් වත් කිරීම ඔවුන්ට පවකි
දොර ජනෙල් වසාගෙන
අඳුරේ අතපත ගාන ශරීර
උනුන් වින්දනය කරති
හිරු එළිය සඳ එළිය යට
සුළං වට දැවටි දැවටී
මල් වැස්සකත් තෙමි තෙමී
රමණයට ඇරයුම් කළ විට බියව දුවති
අමුත්තන් ගෙට එන විට
වැලේ වනා ඇති යට ඇඳුම්
හනික ගෙට ගන්නා වංකයින්ට වඩා
නිරුවත කලාවක් කර ගත්
තපසුන් සොයමි
ජීවිතය භාවනාවක් කර ගත්
හැමදාම වෙනස් විදිහට හිටියොත් අමුතු කෙනෙක් කියලා ලියාපදිංචි වෙනවා. වෙනසකට ඇති අකමැත්ත හිත් ඇතුලෙ පදිංචි වෙලා නිසයි ඒ. ඒත් වෙනසක් කරන අය තමා ජීවිතය විඳින්නේ.
ReplyDeleteවෙනස උහුලන්න බෑ හුඟ දෙනෙක්ට
Deleteඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ ඔබ බලාපොරොත්තුවන වෙනස ඔබම වන්න.. මං හිතන්නේ .. be the change that you wanna see කියනෙක මං හරියට පරිවර්තනය කරා කියලා..
ReplyDeleteඅමුතුයි කියන්නේ ඇත්තටම අමුතු නෙවෙයි වෙනස්.. out of box. ඒක අපිට කාල ඉන්න බැරි නිසා අපි පෙට්ටිය ඇතුලේ ඉඳන් උන්ට අමුතු කියනවා.. උඹ උදේ පාන්දර මගේ හිත් දෙබරෙට ගලක් ගැහුවා.. දැන් ඇවිස්සිලා..
වෙනස් වෙලා ඉන්න හරි අමාරුයි බං. පරිසරෙන් රිජෙක්ට් වෙන්න ඉඩ වැඩියි
Deleteඋබේ මොකද්ද කැඩිලා කියලා අටමා කිව්වා.......... ඒ ඔලුවද?
ReplyDeleteඔලුව ටිකක් අප්සට් උපන් දා ඉඳං අටම් බෙහෙත් කරා බං ඒකට :-D
ReplyDelete