Tuesday, December 8, 2015

අරාබිය කියන්නෙම බය ගේන වචනයක්



කාෂ්ඨක වැල්ල විතරක් නොවෙයි
ගලුත් තියෙනවා අරාබි පොළොවෙ
කඩුත් තියෙනවා අරාබි පොළොවෙ

හැබැයි තෙල් තියෙන්නෙ අපේ පොළොවෙ
පොළොවෙ කිව්වට අපේ ඇඟේ
තෙල වැඩි අපිට
ඉතිං අපි තෙල් මදි අරාබියට අපේ මල් යවනවා
මල් මිරිකලා තෙල් ගන්න කියලා

මෙහේ පොකුරේ පිපුණට
එහේ ගියහම අපේ මල් තනි වෙලා
ඉතිං හුළඟක් ආවම මලත් හරියට නැමෙනවා

හුළං ආ පලියට නැමෙන්නම ඕනෙද
හුළං හමනවා මිසක හමන්නැති වේවිද
හුළඟකට සුවඳ දී මල් කරන දේ හරිද
අරාබියෙ නීති පොත අමුවෙන්ම අහනවා

ගලුත් කඩුත් හරි හරියට අපේ මලට තලනවා
ලංගම වගේ තෙලුත් ගහං අපි පාඩුවටම දුවනවා
මල් පටවන ඒජන්සිය රට ඉඳි පැණි පෙරනවා
මල් පරවෙන අරාබියට අපි පෙත්සම් ගහනවා