Friday, July 3, 2015

අනවසර හොරෙක් වෙන්නද මං







හැඟීමකට කොයින්ද තහනමක්
හාද්දකට කොයින්ද නීතියක්
සුවඳ ආවම පෙති විහිදන මලක්
පිරිමැදුනි සියුමැලිම නිලයක්


වැටක් පැන්නම වෙනවමද පවක්
මලක් දැක්කම ළං නොවී කොහොමද ටිකක්
අරක් අරගෙන සදාචාරෙන් ගොඩක්
මොකක් වෙනවද දුන්නනම් මට ඉඩක්


හාද්දෙන් කම්මුලක් ගිණි ගනීනං
කාන්දම ළං වෙන්න පැකිළෙයි නං
ඉඩහසරකට හිත හදාගන්නම බැරිනං
අනවසර හොරෙක් වෙන්නද මං 

29 comments:

  1. පරිස්සමෙන්.................. අනවසර අැතුළු වීමක් දැක්කොත් අයිතිකාරයා ගස් බදී..............

    ReplyDelete
    Replies
    1. ගස් බැඳගත්තෙ මමමයි කියන්න වෙයිද?

      Delete
  2. Replies
    1. ඔක්කොම කඩන එකේ ඕකත් ඇන්නෑවේ

      Delete
  3. කොට්ටක් පනින්නද ලාස්තිය ....? බලාගෙන.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කොටු පැනිල්ලට වඩා කොට්ට පැනිල්ල හරි ලස්සන වචනයක්නෙ නිහිංසො

      Delete
  4. හා.හා.උඔගෙ කැමතැතනේ..කරන දෙයක් පරිස්සමට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උඹලට කියන්න ගිය එකත් පාඩුවක්ද මන්දා

      Delete
  5. අඩේ පට්ටෙනුත් හොදම එක.
    පට්ට පට්ට පටේ පට්ට
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචං

      Delete
  6. කවිය නං ලස්සනයි. වැඩේ අහුඋනාට පස්සෙ උඹේ මූණත් ඒ වගේම ලස්සනට ඉතුරුවුනොත් මට සතුටුයි.

    ReplyDelete
  7. පොරෝපාරකට ලෑස්ති වෙයන්!!!
    දැන් අලුතම ට්‍රෙන්ඩ එක තමයි පොරෝපාර!!

    ReplyDelete
    Replies
    1. කවිපාරට පොරෝපාරක් දෙන එක අසාධාරණයි බං

      Delete
  8. හැඟීම්වලට තහනමක් නැතත් හැඟීම් පාලනය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කරන්නම බැරි දෙයක්

      Delete
  9. ගෙරි මස් කතත් බෙල්ලෙ බැඳන් කන්න එපා කිවුවත් ඉතින් දත් තියෙන කාලෙ මස් කන්න කියලත් කියනවනේ... අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. දත් තියෙන කාලෙ ...... ඒක මරු

      Delete
  10. අයිති කාරයෝ මෙච්චර ගනන් උස්සන්නේ නැත්නම් හොරු බිහි වෙන්නේ නෑ..

    ReplyDelete
  11. හ්ම්ම් ඒකත් අනවසර ආදරයක්.......

    ලස්සනයි නේ

    ReplyDelete
  12. කවි ටික ලස්සනයි මචෝ. මොනවා පැන්නත්, කලත් පරිස්සමින් ඈ :D

    ReplyDelete
  13. කොටු පනින එක නීතිගත කලොත් නීත්‍යානුකූල විවාහ කීයක් ඉතිරි වෙයිද?

    ReplyDelete
  14. එතකොට කොටු නොපනින එව්වා අනීතික වෙයිද මන්දා

    ReplyDelete
  15. කරන කලට පව් මිහිරිය මී සේ..විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... ඒක කියල තියන්නෙ කොටුවක් පනින්න ගිහින් චාටර වෙච්චි ඩෑල් එකක්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. පේන් නැද්ද උන්දැ කියල තියෙන කවියෙන්ම වැඩේ චාටර් වෙලා දුකටයි කියල තියෙන්නේ

      Delete