මේ මගේ පාළුවයි
මං ආස පාළුවයි
අනුන්ගේ පාළුවට තනි රැක්ක
මගේ පාළුවට කෙනෙකු නොසොයමි මම
පාළුව මගේ අයිතිය
කාටවත් නැති කරන්නට අයිතියක් නැත
කුරුළු පිහාටු අවැසි නැත
පාළුව හිතට පිහාටු දී ඇත
සරන්නට සිතන්නට
මගේ පාළුව ගැන හිතන්නෙම වෙන අය
මම ආසයි මට ආස විදියට මම වෙන්න
කාගෙවත් නිර්මාණයක් නොවෙන්න
ඒ හින්ද මගේ පාළුව මටම දෙන්න
හිතුවිලි උපද්දන පාළුව
වළාකුළු උඩ නිදිකරවන පාළුව
හිත නිරුවත් කරවන පාළුව
සළු ඇඳ ගත් උන් වෛර කරන පාළුව
