සුදෝ සුදු වළාවන්ගෙන් බිත්ති බැඳ
ඒ මත තරු කැකුළු අලවා එළිය දෙන
නිවහනක් මටත් ඇත අනන්තෙට කිට්ටුව
එහෙත් එහි කිරි සිනා නැත
ඉතින් මම එමි හිත පුරෝගෙන
පුන් පෝය දවසට
අමාවකට හිත සිඳිලා
දැකිය නොහැක මාව
ඒ වගේ වෙලාවට අඳුරු වළා අතර
හැංගී නුඹ දෙස බලා හිඳිමි මං
අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි