හැඟීමකට කොයින්ද තහනමක්
හාද්දකට කොයින්ද නීතියක්
සුවඳ ආවම පෙති විහිදන මලක්
පිරිමැදුනි සියුමැලිම නිලයක්
වැටක් පැන්නම වෙනවමද පවක්
මලක් දැක්කම ළං නොවී කොහොමද ටිකක්
අරක් අරගෙන සදාචාරෙන් ගොඩක්
මොකක් වෙනවද දුන්නනම් මට ඉඩක්
හාද්දෙන් කම්මුලක් ගිණි ගනීනං
කාන්දම ළං වෙන්න පැකිළෙයි නං
ඉඩහසරකට හිත හදාගන්නම බැරිනං
අනවසර හොරෙක් වෙන්නද මං
පරිස්සමෙන්.................. අනවසර අැතුළු වීමක් දැක්කොත් අයිතිකාරයා ගස් බදී..............
ReplyDeleteගස් බැඳගත්තෙ මමමයි කියන්න වෙයිද?
Deleteතුන් වෙනි සිල් පදය?
ReplyDeleteඔක්කොම කඩන එකේ ඕකත් ඇන්නෑවේ
Deleteකොට්ටක් පනින්නද ලාස්තිය ....? බලාගෙන.....
ReplyDeleteThis comment has been removed by the author.
Deleteකොටු පැනිල්ලට වඩා කොට්ට පැනිල්ල හරි ලස්සන වචනයක්නෙ නිහිංසො
Deleteහා.හා.උඔගෙ කැමතැතනේ..කරන දෙයක් පරිස්සමට.
ReplyDeleteඔව් ඔව් උඹලට කියන්න ගිය එකත් පාඩුවක්ද මන්දා
Deleteඅඩේ පට්ටෙනුත් හොදම එක.
ReplyDeleteපට්ට පට්ට පටේ පට්ට
ලස්සනයි
ජයවේවා
බොහෝම ස්තූතියි මචං
Deleteකවිය නං ලස්සනයි. වැඩේ අහුඋනාට පස්සෙ උඹේ මූණත් ඒ වගේම ලස්සනට ඉතුරුවුනොත් මට සතුටුයි.
ReplyDeleteහැංගි හැංගි
Deleteපොරෝපාරකට ලෑස්ති වෙයන්!!!
ReplyDeleteදැන් අලුතම ට්රෙන්ඩ එක තමයි පොරෝපාර!!
කවිපාරට පොරෝපාරක් දෙන එක අසාධාරණයි බං
Deleteහැඟීම්වලට තහනමක් නැතත් හැඟීම් පාලනය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ.
ReplyDeleteකරන්නම බැරි දෙයක්
Deleteගෙරි මස් කතත් බෙල්ලෙ බැඳන් කන්න එපා කිවුවත් ඉතින් දත් තියෙන කාලෙ මස් කන්න කියලත් කියනවනේ... අනේ මන්දා....
ReplyDeleteදත් තියෙන කාලෙ ...... ඒක මරු
Deleteඅයිති කාරයෝ මෙච්චර ගනන් උස්සන්නේ නැත්නම් හොරු බිහි වෙන්නේ නෑ..
ReplyDeleteහොරුන්ට නිදහස
Deleteහ්ම්ම් ඒකත් අනවසර ආදරයක්.......
ReplyDeleteලස්සනයි නේ
අවසර නැත මට
Deleteකවි ටික ලස්සනයි මචෝ. මොනවා පැන්නත්, කලත් පරිස්සමින් ඈ :D
ReplyDeleteහා ..... හා
Deleteකොටු පනින එක නීතිගත කලොත් නීත්‍යානුකූල විවාහ කීයක් ඉතිරි වෙයිද?
ReplyDeleteඑතකොට කොටු නොපනින එව්වා අනීතික වෙයිද මන්දා
ReplyDeleteකරන කලට පව් මිහිරිය මී සේ..විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... ඒක කියල තියන්නෙ කොටුවක් පනින්න ගිහින් චාටර වෙච්චි ඩෑල් එකක්ද මන්දා..
ReplyDeleteපේන් නැද්ද උන්දැ කියල තියෙන කවියෙන්ම වැඩේ චාටර් වෙලා දුකටයි කියල තියෙන්නේ
Delete