Monday, July 20, 2015

විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙටක් ගොඩ නගමු



මෙවර 2015 මහ මැතිවරණයේදී පක්ෂ දෙකේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර දැකගත හැකි ප්‍රධානතම ලක්ෂණ දෙකක් තිබෙනවා. එනම් එක්සත් ජනනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව නැවත අගමැති ධූරයට පත් කළ යුතු යැයි පවසන කණ්ඩාමේ ඇති දැඩි වෛරී ස්වභාවයත් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් එම මතවාදය වෙනුවෙන් ක්‍රියාකාරීවන පිරිසගේ ඇති මෛත්‍රීසහගත බවත්ය. මේ බව වඩාත් හොඳින් දැක ගැනීමට හැකි හොඳම ස්ථානය ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය සයිබර් අවකාශයයි.  

මීට හේතු සහගත මතවාදී පදනම කුමක්දැයි සලකා බැලීම ඉතාමත් වටින්නේ වෛරී සිතුවිලිවලින් ගහන පිරිසක් අතට රටේ පාලනය බලය තල්ලු කිරීමෙන් රටට විය හැකි විනාශය වළක්වා ගැනීම උදෙසායි. එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් හැසිරෙන්නේ එහි වත්මන් නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ද්‍රෝහියෙකු සේ සලකා ගෙනය. තමන් විසින් රජෙකුට උපමා කරමින් සැලකූ ඒ රජ වෙස් ඇඳුම් කට්ටලය ඉත සිතින් හැඳගත් තම පැරණි නායකයා පිළිබඳව ඇති ගැලවිය නොහැකි මිත්‍යා ෆැන්ටසියක එජනිසයේ ආධාර කරුවන් ඇලී සිටිනු දැකගත හැකිය.

වැදගත්ම දෙය නම් එජනිසය සඳහා මෙවර මතවාදී පදනම සැපයීමේ බුද්ධිමතුන්ගේ අඩුව ගියවර ජනාධිපතිවරණයේදීටත් වඩා දැකගත හැකි වීමයි. තම පාක්ෂිකයින් මතවාදීව අන්‍ය මත හා අතින් පයින් නොව සංවාදශීලීත්වයෙන් සටන් කරවීමට නම් දේශපාලන පක්ෂ සඳහා බුද්ධිමත් න්‍යායාචාර්යවරුන් අවශ්‍ය වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවන් පිරිස් සිටී දැයි ඔබ හොඳින් විමසා බලන්න. උගතුන් එහි සිටියද ඔවුන් සියල්ලන්ම සිටින්නේ ජාති වාදී ආගම් වාදී මඩ ගොහොරුවේ එරී ගෙනය. එසේම රජෙකුට යටත්වී එහෙයියන් වීමේ ආසාවක් කුමක් හෝ කරුමයකට අපට ලැබී ඇති නිසා කොතරම් උගතුන් වුවද ඔටුනු පළන් රජෙකු යැයි ඔවුන් සලකන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන්ගේ පාපිස්නාවන් බවට පත්වීමට තරම් හීනෝන්මාදයකින් ඔවුහු පෙළෙති. 

මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා යනු ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව සිටින ප්‍රාමාණික බුද්දීමතෙකු බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිළිගන්නා සත්‍යයකි. එහෙත් ඔහුට සිදුවී ඇත්තේ කුමක්ද?. ජාතිවාදී ආගම්වාදී සහ දේශපාලනික වශයෙන් කිසිදු බුද්ධි මට්ටමක් නොමැති පිරිසක් සමග මාධ්‍ය සාකච්ඡා පවත්වනවා හැරෙන්නට ඔහු අද සිදුකරන සාධනීය කාර්යභාරයක් තිබේද? ඉතිං එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට එවන් බුද්ධිමතුන්ගෙන් ඇති වැඩක් නැත. සන්ධානයේ නායකයින්ද වාචාල කථිකයින් වේදිකා නංවා සාමාන්‍ය ජනයාට මොහොතක සතුටක් ලබා දී චූන් වුන ඡන්දයක් ඉල්ලනවා මිසක දීර්ඝ කාලීන වශයෙන් වැඩදායී ප්‍රතිපත්ති හඳුන්වාදීමක නිරත නොවෙති.  

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ නායකත්වය යටතේ සබුද්ධික ඉදිරි ගමනක නිරතවනු ඇතැයි රටේ මධ්‍යස්ථ මතධාරීන් අපේක්ෂා කළහ. එහෙත් සිදුවූයේ කිසිවෙකු නොසිතූ ලෙස මහින්ද පිල විසින් එහි පාලනය අල්ලා ගැනීමයි. නමුත් අපි කලබල විය යුතු නැත. ශ්‍රී ලංකාව යනු ශ්‍රීලනිප හෝ එජනිසය නොවන නිසා මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාව බහුතර නිදහස් මතධාරීන්ගේ ඡන්දයට ඇත. විප්ලවයක් අවසාන වූ වහාම පැරණි සමාජවාදී රාජ්‍ය නායකයෝ ප්‍රතිවිප්ලවය මැඩපැවැත්වීමට සූදානම් වූ වා සේම නැවත රට අගාධයට යාම වැළැක්වීමේ හැකියාව මෙවර අපගේ ඡන්දයට ලැබී තිබේ.(‘‘ප්‍රතිවිප්ලවය“ උදාහරණයක් පමණි - එය උත්කර්ෂයට නැංවීමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකුවන මට අවශ්‍යතාවයක් නැත)

ෆේස් බුක් අඩවියේ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස භාවිතා කරන වචනවලට වඩා  හඩ්සන් සමරසිංහගේ වචන මාලාව යහපත්ය. විරෝධාකල්පයක් දුටු තැන කිපෙන සහ එසේ කිපීම තම කැපවීම යැයි සිතන ඔවුන් විරුද්ධවාදීන්ගේ රුධිරය ඉල්ලා සිටින අවස්ථා අපමණ දැක ගත හැක. ලිංගිකත්වය පවා අපහාසයට ගනිමින් කටයුතු කරන ඔවුන්ට අනුව මෙරට එකම ගැලවුම්කරුවා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාය. වත්මන් ලෝකයේ නව්‍ය ප්‍රවනතා කෙරෙහි නොව ඔවුන් සැලකිලිමත් වන්නේ අතීතකාමී දඬු මොණරුන් කෙරෙහිය. 

අකමැත්තෙන් වුව කිව යුතු දෙයක් ඇත. අපේ රටේ බහුතරයකට සාක්ෂරතාවය ඇත. පරිකල්පන හැකියාව නැත. නැති නම් ඉතාම අවමය. ඉතිං ඔවුහු වෙන කාගේ හෝ අදහස් කරපින්නා ගනිති. ඒ සඳහා හොඳම ආයුධය වන්නේ ජාතිවාදීත්වයයි. එය ඉතාම පහසුවෙන් සිංහලයාගේ රුධිරයට කාන්දු කරවිය හැක. නැවත කොටි සංවිධානය නැගිටිනු ඇතැයි හැඟීමක් ඔවුන්ට කාවද්දා තිබේ. ඉතිං දැන් අපට ඇත්තේ බියට පත් එජනිස පාක්ෂිකයින් පිරිසකි. කොටි නැවත නැගිටින්නේ යැයි කීම නම් සිහිනයකි. කොටි නැවත නැගිටිය නොහැකි සේ මර්ධනය කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අප ගෞරවය පුද කළ යුතුමය. නමුත් එජනිස කණ්ඩායම රට තුළ අරාජිකත්වයේ බියක් මවමින් නැවත නැවත යුද්ධයේ බියකරු ගිණි සිළු දැල්වීම පරාජය කළ යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැහැරගනිමින් සිටින එජනිසයට දැන් ඒ හැකියාව නැත. ඔවුන් ආවේගකාරීව හැසිරෙන්නේ මතවාදී වශයෙන් ඔවුන්  අපාගතව සිටීම පිළිබඳව දැනුවත්භාවයක් නොමැති නිසාය.  

යකඩ සපත්තුවක සිරවූ බුද්ධිමතුන් සහ නූගතුන් අතර වෙනසක් නැත. එම නිසා අප කළ යුත්තේ රටක ව්‍යවස්ථා සම්පාධනයට සැබෑ දායකත්වයක් ලබා දිය හැකි බුද්ධිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමය. ගමේ පාරට තාර දමාගැනීමට සහ ලයිට් කණු සිටුවීම සඳහා තව දුරටත් මන්ත්‍රීවරු පත්කරගත යුතු නැත. ඒ සඳහා ඇති රාජ්‍ය ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඊට ඇති හොඳම විසඳුමයි. පාර්ලිමේන්තුව යනු රටට අවශ්‍ය නීති සම්පාදනය කරන තැනයි. පාරවල් හදන ගොඩනැගිලි හදන මේසන් බාස්ලාගෙන්ද පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ නැතිනම් අනාගතය පෙර දක්නා නුවණින් යුතු බුද්ධිමතුන්ගෙන්ද පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ යන කරුණ බහුතර ජනතාව වෙත රැගෙන යා යුතුය.

යහපාලන මතවාදය සමග ඉදිරියට යන පිරිස පිළිබඳ විශ්වාසය තැබිය හැක්කේ එහි සිටින එකි නෙකාට අනන්‍ය රටට අවැඩක් නොවන මතවාදී බුද්ධිමතුන්ගේ සාධනීය කාර්යභාරය නිසාය. ඉමිතියාස් බාකීර් මාකාර්, චම්පික, අජිත් පෙරේරා, සුජීව සේනසිංහ වැනි දැනුමින් පොහොසත් කථිකයින් කිසි විටකත් වේදිකා ගානේ ජාතිවාදය වපුරන්නේ නැත. පාඨලී චම්පික රණවක සිංහල බෞද්ධ ඡන්ද පදනම මත සිටියද ඔහුගේ බුද්ධිමත් මත දැක්වීම හරහා මේ අවස්ථාවේදී සිංහල අන්තවාදී අදහස් පැතිරීමක් කිසිසේත්ම සිදු නොවන බව පැහැදිලිය. විශේෂයෙන්ම සිංහල නොවන සෙසු ජාතීන්ගේ කැමැත්ත දිනා ගැනීම සඳහා ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ සේවය පක්ෂයට ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේදී ගත් ක්‍රමෝපායික වශයෙන් වැදගත්ම තීන්දුවකි. මීට පෙර දේශපාලනය පිළිබඳ කලකිරීමෙන් මැතිවරණ දේශපාලනයෙන් වියුක්තව සිටියද ඔහු ගේ පැමිණීම යහපත් හෙටක සිහිනය දකින අප සැමගේ අපේක්ෂා මුදුන් පැමිණීමක් වනු ඇත.   

ඛෙත්තාරාම පිටියේ ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයේදී ඇතිවූ අසික්කිත රණ්ඩුව නිසා රටේ නම කැත වන බව ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවූ ශ්‍රී ලාංකික සංගීතවේදී චිත්‍රාල් සෝමපාල තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණි. ඊට තම ප්‍රතිචාර දක්වන ශ්‍රී ලාංකිකයෙකු පවසා තිබුනේ ‘‘උඹ කට මෙහේ තියාගෙන පස්ස (ඔහු භාවිත කර තිබුනේ මේ වචනය නොවේ) පිටරට තියාගන්න එපා“ යනුවෙනි. ඊයේ සිදුවූ ආරවුල මාළිගාවත්තේ අන්තවාදී මුස්ලිම් පිරිසකගේ ක්‍රියාවක් බවට එම අදහස් දක්වන්නා ප්‍රකාශ කර තිබිණි. මෙවන් ජාතිවාදී අමන මානසිකත්වයකින් පිරි මිනිසුන් ඉතාමත් ශීඝ්‍රෙයන් පසුගිය රජය සමයේ පොකුරු ගසනු අපි දුටිමු. අලුත්ගම ප්‍රහාරය එහි විශිෂ්ඨතම ප්‍රථිපලයයි. හොඳින් බලන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පිරිස් වලින් බහුතරය දරන්නේද මෙවැනි වෛරී අදහස්ය. අනික් ජාතීන් සමග සමගියෙන් සිටීමක් ගැන ඔවුහු සිහින නොදකිති. ඊට හේතුව ඔවුන්ගේ නායකයින් විසින් වපුරා ඇති මතවාදී මඩ ගොහොරුවයි. එහි පල නෙලා ගන්නට සිදුවන්නේ අපටත් වඩා අනාගතයේ බිහිවන පරපුරට බව මතක් වෙද්දී හද නැගෙන ශෝකය ඉමහත්ය.

යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප දැකිය යුත්තේ ජාතිවාදී වලි බර සිහින නොව ‘‘බඩ පිරෙන්න කිරි බත් සමග තෝසෙ කා අතුරුපසට වටලප්පන් කන ජාතියේ සිහිනයක්“ය.  
   
විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙටක් ගොඩ නැංවීම වෙනුවෙන් නිවැරදි මතය තෝරා ගෙන නිවැරදිම තැන සිට ගනිමු. 

16 comments:

  1. කොහොමත් බහුතර උගතුන්ට බුද්ධිමත් කමක් නෑ
    බහුතරයක් ඉන්නෙ "ස්වයං බුක් " ල මිස " ස්වයං භුච් " ල නෙවී

    ReplyDelete
    Replies
    1. උගතුන්ට බුද්ධියක් නෑ කියන කතාව මරු

      Delete
  2. /* යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප දැකිය යුත්තේ ජාතිවාදී වලි බර සිහින නොව ‘‘බඩ පිරෙන්න කිරි බත් සමග තෝසෙ කා අතුරුපසට වටලප්පන් කන ජාතියේ සිහිනයක්“ය. */

    මේ වගේ අදහසක් සහිත මා ලියූ ගීතයක කොටසක් මෙසේයි.

    හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
    කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
    ඒ ලුනු රස පදමට ගෙන
    දෙහි ඇඹුලට මුසු කරගෙන
    මුළු රට කිරිබත් කන දිනයක් ගැන
    සිත විමසන්නේ

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ සිංදුවම රසිකොලොජියේ දාමුද අපිට බලන්න

      Delete
  3. ඒවා වචන වලින් විතරක් කෙරෙන්නෑ බං.. ලොකු වැඩ ගොඩක් තියෙනවා. දසක ගානක් ගත වෙනවා..

    ReplyDelete
    Replies
    1. එච්චර කල් බලන්න බෑ බං

      Delete
  4. ඒ මෙන්න මූටත් 1600/- ලැබෙන්න පටං අරං.. හැක්.. (හිනා.. අපි දන්නව උඹ මෛත්‍රී පිළේ නිසා මේ වගේ විහිළු වලට පුක හීන් කරන් කෑ ගහන්නේ නෑ කියලා..) හරි වැරැද්ද දන්නව මචං.. වෙලාවට යුතුකමත් කරනව.. නෝ වොරීස්.. ඒත් මෙදා පාරනම් කඩේ යන්න කම්මැලියි..කම්මැලියි වගේ..

    ReplyDelete
    Replies
    1. 1600 මදි බං 2500ක් වත් ඕනේ බන්දුල සර් කිව්වෙ මතක නැද්ද?

      Delete
  5. ඕය මොකේටවත් හවුල් වෙන්න නාකයි .....
    උඩිං බලං ඉඳල අන්තිමට හරි පැත්ත ගන්න එකයි කොරන්ඩ ඕනෙ .......

    ReplyDelete
    Replies
    1. උඹත් හරි මදුරුවෙක් තමා හැක් හැක්

      Delete
  6. මගේ දේශපාලනය කතිරේ ගහන වෙලාවට විතරමයි..

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට තිබුනම මදැයි බං

      Delete
  7. උඹ හොඳ විග්‍රහයක් කරලා තියෙන්නෙ මචං. බුකිය ගැන දක්වපු අදහස් වලටනං මොනා නැතත් ඕල්මෝස්ට් ඇග්‍රීඩ්.

    ReplyDelete
    Replies
    1. බුකිය කියන්නෙ නිකංයෑ මධුවො

      Delete
  8. දේශපාලන කතන්දරේට එකඟයි. ඛෙත්තාරාම සිද්ධිය ගැන මගේ මතය ටිකක් වෙනස්.

    ReplyDelete
  9. ඕකට උත්තරේ පැරා ලියල තිබුනා. ලංකාවේ ඉඳන් පකිස්ථානෙට හුරේ දාන උන් පිස්සෝය උන්ට ගහන උන්ද පිස්සෝය කියල

    ReplyDelete