Thursday, April 30, 2015

අමුතුකම

කිසිවෙකුත් මගේ සිත නොකියවයි

ලෝකයට නොගැලපෙන 

විකාර ගති ඇති අමුතු වෙනස්කමක්

මා තුලින් දකින්නට උත්සාහ ගනිති


විවෘත හදවතක් සහිතව 

සංස්කෘතික සීමාවන්ගෙන් තොරව

ක්ෂිර පථයට විහිදුනු සිතකින්

මනසට මී බඳුන් වත් කිරීම ඔවුන්ට පවකි


දොර ජනෙල් වසාගෙන 

අඳුරේ අතපත ගාන ශරීර

උනුන් වින්දනය කරති

හිරු එළිය සඳ එළිය යට


සුළං වට දැවටි දැවටී

මල් වැස්සකත් තෙමි තෙමී

රමණයට ඇරයුම් කළ විට බියව දුවති


අමුත්තන් ගෙට එන විට 

වැලේ වනා ඇති යට ඇඳුම්

හනික ගෙට ගන්නා වංකයින්ට වඩා

නිරුවත කලාවක් කර ගත්

තපසුන් සොයමි

ජීවිතය භාවනාවක් කර ගත්

6 comments:

  1. හැමදාම වෙනස් විදිහට හිටියොත් අමුතු කෙනෙක් කියලා ලියාපදිංචි වෙනවා. වෙනසකට ඇති අකමැත්ත හිත් ඇතුලෙ පදිංචි වෙලා නිසයි ඒ. ඒත් වෙනසක් කරන අය තමා ජීවිතය විඳින්නේ.

    ReplyDelete
    Replies
    1. වෙනස උහුලන්න බෑ හුඟ දෙනෙක්ට

      Delete
  2. ඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ ඔබ බලාපොරොත්තුවන වෙනස ඔබම වන්න.. මං හිතන්නේ .. be the change that you wanna see කියනෙක මං හරියට පරිවර්තනය කරා කියලා..
    අමුතුයි කියන්නේ ඇත්තටම අමුතු නෙවෙයි වෙනස්.. out of box. ඒක අපිට කාල ඉන්න බැරි නිසා අපි පෙට්ටිය ඇතුලේ ඉඳන් උන්ට අමුතු කියනවා.. උඹ උදේ පාන්දර මගේ හිත් දෙබරෙට ගලක් ගැහුවා.. දැන් ඇවිස්සිලා..

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙලා ඉන්න හරි අමාරුයි බං. පරිසරෙන් රිජෙක්ට් වෙන්න ඉඩ වැඩියි

      Delete
  3. උබේ මොකද්ද කැඩිලා කියලා අටමා කිව්වා.......... ඒ ඔලුවද?

    ReplyDelete
  4. ඔලුව ටිකක් අප්සට් උපන් දා ඉඳං අටම් බෙහෙත් කරා බං ඒකට :-D

    ReplyDelete