Sunday, May 3, 2015

සීමා මායිම් පැන

මලක් ළඟ පියෑඹුවෙ
සුවඳටයි හිත ඇදුනෙ
පිපාසෙටයි රොන් ඉල්ලුවෙ
ඇයි මලේ වෙනතක් බැලුවෙ



සමණළයෙකුට අවැසි නම් මල් රොන්
මලට අවැසි නැතිද සමණල් පහස
රොන් ගැනීම විතරක් නෙවෙයි ජීවිතය
ඒත් රොනට ලොබ බැඳි සමණල් පපුව ....?



පිපී වන ලැහැබක සොරෙන් රොන්දී බඹරුනට
පරව යති අනන්ත මල් හොරෙන් ලෝකයට
පිපී එළිමහනක හිරු රැසුත් යහමින් ඇති තැනක
මලක් හැංගෙයිනම් සියුමැලි සමණල් දළෙන්....?



සීමා මායිම් පැන සංස්කෘතික සිර ගෙයින්
එළියට පෙති විහිදන්න මල නුඹ සිත අගුළු හරින්න
පිපුණු තැනම පර නොවී අහගන්න කඳු වළල්ලට එහා ලෝකය ගැන
සියුමැලි මේ පියාපත් සරා ඇත සතර දිග

1 comment: