සාසනේ පවතින්න
ආධාරයක් කර යන්න
ටිකට් පොත් බෝ ඇති
කැමැත්තක් තෝරන්න
පොඩි කාලෙ ආවෙමි
මේ සුන්දර ඇබිති කමට
නැතත් කසාවත් මමත් සිල්වත්
සුළඟ සැපතක් මේ වටාපත්
--------- දෙවිනුවර පූජා භූමියේදී අනවසරයෙන් ඩැහැගත් ටිකක් බොඳ වූ ඡායාරූපයක් ------------
අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි
මේ ඡායාරැපයට සිත පහන් වෙන්නෙ නෑ මචෝ.
ReplyDeleteසිත් පහන් කරවන්න නෙවෙයි මචෝ මේකෙ අදහස වුනේ. වෙනස් විදියක දර්ශනයක් කැමරාවට අහුවුනා එච්චරයි.
Deleteසිල්වත් වෙන්න නම් සිවුරු අඳින්න ඕනිම නෑනේ.. හැබෑට හාමුදුරුවොන්ට ඔය වටාපත් ලැබුණු විදිය කවුරුහරි දන්නවද? මට හිතෙන්නේ නම් ඒ දවස්වල වැස්සට අල්ලපු තල් කොලේ මොඩිෆයි වෙලා මේක හැදිලා වගේ කියලා..
ReplyDeleteඒකත් හොඳ තර්කයක්
Deleteමෙන්ඩා කියපු දේමයි ෆොටෝ එක ගැන මටත් හිතුනේ...
ReplyDeleteනිර්මාණයේ වරදක් නැහැ...
සිත් පහන් කරවන්න නෙවෙයි මචෝ මේකෙ අදහස වුනේ. වෙනස් විදියක දර්ශනයක් කැමරාවට අහුවුනා එච්චරයි.
Deleteදෙවුන්දර දේවාලේ තියෙන්නේ මාලු විකුනන තැනමනේ මචෝ...මේ නාකි මනුස්සයා ඔය වටාපත තියන් ඉන්නේ මැස්සෝ එලවන්න මිසක් බොරු කියනකොට මූණ වහගන්න වෙන්න බැහැ...
ReplyDeleteඇයි අර වැවුරුකන්නලත් ටිකට් පොත් පොරක් ඉන්නවා නේද බුදු මැදුර ඇතුලේ....එතනන් මාලු නැහැ ඉතින වටාපොතත් නැහැ...
හරියට හරි චෙෆා
Deleteඅම්මපා කිචි .......... මේවා දැක්කා ම අපටත් කිචි....
ReplyDeleteදැනට ඉන්න සමහර සාසනේ අෑයෝ මේ වැඩේ කරන්නේ රෙදි නැතුව... මේ මිනිහා සරමක්වත් අැදන් කරන ඒක තරමක් හරි හොදයි
සාසනේ විනාසනේ
Deleteඕක වැනුවම වදින්නේත් දාඩිය නිවන්න එන හුලඟම නං , පාත්තරේට දාගෙන කෑවත් නිවෙන්නෙ එකම බඩගින්න නම්, කසා පාට කලිසමක් ඇන්දත් වැහෙන්නෙ එකම විළිය නම්, ඕකෙ තියන වැරද්දක් මම නම් දකින්නෙ නෑ..
ReplyDeleteවටාපත ඉස්සරහින් වන වන සල්ලි වලට බණ කියනවා නම්, පාත්තරේ කකා මගඩි වලින් සල්ලි පොදිගහනව නං, කසාවත ඇඳගෙන මිත්‍යාදෘෂ්ටිය වපුරනවා නං අන්න ඒක වැරදියි...
කාත් කවුරුවත් පිහිටට නැති මේ වගේ අසරණ මිනිස්සු හුඟක් පංසල්වලට එනවා ජීවිතේ අවසාන කාලෙදි.
Deleteසජ්ජා හරි...
Deleteමේ අහිංසකයා ලව්වා මේ බිස්නොස් එක කරන හාදයාගේ පොටෝ කෑල්ලකුත් හොයාගන් මලේ....!
ෆොටෝ නම් ඕනෙ තරම්
Deleteදැම්මොතින් ඉස්තරම්
නොදා ඉමු කස්තිරම්
නිවන් මග වැහුවොතින්
සජ්ජා +++++++++++++++++++++++++++++++++++
Deleteචා ! චා !! මේව මෙහෙම ප්‍රසිද්ධියේ පෙන්නන්න හොඳ ද ? ප්‍රසිද්ධියේ කතා කරන්නත් හොඳ නෑ. !!! ශාසනේට(ශාසනේ අයිති කාරයන්ට) අගවුරවයක් වෙන්න පුළුවන්. හරියට දළදා මාලිගාවෙ දළදා වහන්සේ කිහිල්ලේ තියාගන හරි රැකගන්න බාර දීපු කෙනා කළාය කියන අහුබ දේවල් ප්‍රසිද්ධ කළා වගේ නේද කිචී ඈ !!!!!!!!!!!!!
ReplyDeleteඒකද ඇනෝ උඹ ඇනොනිමස් විදියට ආවේ හැක් හැක්
Deleteනිවන් මිල දර්ශකය
ReplyDeleteආත්ම හතකින් නිවන් දකින්න - රු.50 යි
ආත්ම තුනකින් නිවන් දකින්න - රු.100 යි
ලබන ආත්මේ නිවන් දකින්න - රු.500 යි
මේ ආත්මෙම නිවන් දකින්න - රු.1000 යි
ඕකට තව එකහු කරහන් මාස ගානෙන්, අවුරුද්දෙන් වගේ නිවන් යන්න හොඳ බෙන්ස් එකක් එහෙම ;)
Deleteමධුවො මේක පාරිභෝගික අධිකාරියෙ අනුමතයිද?
Deleteමනා බෙන්ස් නම් ඉතිං නිවන්ම තමයි
Deleteමොකද්ද කුමාරියෝ තෝරන තරගෙකද කොහෙද වටාපතට සමාන එකක් තියාගෙන ඇවිද්ද අය ඉන්න රටේ ඕක මොකද්ද ඉතින්...
ReplyDeleteහිකිස් උන් ජපන් කුමරියෝ වෙන්න ගියානේ
Delete