සුදෝ සුදු වළාවන්ගෙන් බිත්ති බැඳ
ඒ මත තරු කැකුළු අලවා එළිය දෙන
නිවහනක් මටත් ඇත අනන්තෙට කිට්ටුව
එහෙත් එහි කිරි සිනා නැත
ඉතින් මම එමි හිත පුරෝගෙන
පුන් පෝය දවසට
අමාවකට හිත සිඳිලා
දැකිය නොහැක මාව
ඒ වගේ වෙලාවට අඳුරු වළා අතර
හැංගී නුඹ දෙස බලා හිඳිමි මං
අමිල ජයචන්ද්ර ලියනආරච්චි
ලයික් කරන්න බට්න් එකක් හොයනවා හැමතැනම.. :)
ReplyDeleteකෙටි පාරවල්මයි මෙයා හොයන්නේ
Deletehttp://nelumyaya.com/?p=2975
ReplyDeleteහඳ එළිය වගේ ලස්සන කවියක් !
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteපොඩි උනත් කවිය මරු මචෝ.
ReplyDeleteබොහෝම ස්තූතියි මචෝ
Deleteටිකයි. හොඳයි.
ReplyDeleteසතුට ගොඩයි
Deleteඅඩේ පොඩි උනත් සුපිරි කවියක් කිචී. නියමයි :).
ReplyDeleteජය වේවා!!!
පොඩි කාලෙ අපිටත් හිතෙන්න ඇති බං හඳ ගැන මෙහෙම්ම
Deleteඑල ද බ්රා
ReplyDeleteකිරි සිනා තියනවා නම් අපායත් ලස්සනයි.
අපාය මිහිපිටට එන එකයි නරක
Deleteඅමිල ජයචන්ද්ර ලියනආරච්චි කියන්නේ උඹේ නමද බං.
ReplyDeleteඅහලා තියේද උඹ මේ සිංදුව.
"හඳ හාමි රන්තරු කැට දෙකක් එවන්න
ආදරේට අපේ අම්මාගේ කනේ දාන්න"
ඔව් මචෝ ඒ මම :-)
ReplyDeleteකවිය පට්ට...
ReplyDeleteස්තූතියි
Deleteතවත් කවියෙක්. සැඟවුණු තේරුමක් ඇති කවි පෙළක්.
ReplyDelete:-)
Deleteසඳ එළිය එළයේ සුන්දර පහස තරම් වටිනා වදන් පෙලක් !
ReplyDeleteසඳ සඳ වගේ
Delete