Sunday, June 7, 2015

හඳ එන්නේ කොහි සිටදැයි පොඩි දරුවෙක් අසයි. හඳ මෙසේ පිළිතුරු දෙයි.............




සුදෝ සුදු වළාවන්ගෙන් බිත්ති බැඳ

ඒ මත තරු කැකුළු අලවා එළිය දෙන

නිවහනක් මටත් ඇත අනන්තෙට කිට්ටුව



එහෙත් එහි කිරි සිනා නැත

ඉතින් මම එමි හිත පුරෝගෙන

පුන් පෝය දවසට



අමාවකට හිත සිඳිලා

දැකිය නොහැක මාව

ඒ වගේ වෙලාවට අඳුරු වළා අතර

හැංගී නුඹ දෙස බලා හිඳිමි මං





අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

21 comments:

  1. ලයික් කරන්න බට්න් එකක් හොයනවා හැමතැනම.. :)

    ReplyDelete
    Replies
    1. කෙටි පාරවල්මයි මෙයා හොයන්නේ

      Delete
  2. හඳ එළිය වගේ ලස්සන කවියක් !

    ReplyDelete
  3. පොඩි උනත් කවිය මරු මචෝ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ

      Delete
  4. ටිකයි. හොඳයි.

    ReplyDelete
  5. අඩේ පොඩි උනත් සුපිරි කවියක් කිචී. නියමයි :).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ අපිටත් හිතෙන්න ඇති බං හඳ ගැන මෙහෙම්ම

      Delete
  6. එල ද බ්‍රා
    කිරි සිනා තියනවා නම් අපායත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අපාය මිහිපිටට එන එකයි නරක

      Delete
  7. අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි කියන්නේ උඹේ නමද බං.

    අහලා තියේද උඹ මේ සිංදුව.

    "හඳ හාමි රන්තරු කැට දෙකක් එවන්න
    ආදරේට අපේ අම්මාගේ කනේ දාන්න"

    ReplyDelete
  8. ඔව් මචෝ ඒ මම :-)

    ReplyDelete
  9. තවත් කවියෙක්. සැඟවුණු තේරුමක් ඇති කවි පෙළක්.

    ReplyDelete
  10. සඳ එළිය එළයේ සුන්දර පහස තරම් වටිනා වදන් පෙලක් !

    ReplyDelete