Monday, August 24, 2015

දේදුන්නක් අරං එන්න

දේදුන්නක් අරං එන්න
මරදානේ අහස් පාලම ළඟට
වැඩ ඇරී හතරට
දුවන මිනිසුන් අතරට


දේදුන්නක් අරං එන්න
නුගේගොඩ බෝ ගහ ළඟට
රයිස් එකක් පිටි පැකට් එකක් ගන්න
මස විකුණන ළඳුන් ළඟට


දේදුන්නක් අරං එන්න
සිරියාවේ කඳුකරයට
ඉස්ලාම් ලෝකයක සිහින දකින
අයි එස් අයි එස් කැරළිකරුවන් අතරට


දේදුන්නක් අරං එන්න
සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ළඟට
මේ සිංහල අපගේ රටයි කියන
බොදු බල හිමිවරුන් ළඟට


දේදුන්නක් අරං එන්න
විෂම ලිංගිකයින් අතරට
සමලිංගිකයින්ට ගල් ගසමුයි
මොර දෙන බඩුකාරයින් අතරට


දේදුන්නක් අරං එන්න
ලංකාවේ ඡන්ද දායකයින් අතරට
උඩු රැවුලක් නැත්නම් කොන්ද පණ නැතැයි කියන
ස්වාධිපත්‍යයට අපචාර කරවන මිනිසුන් මැදට


ලෝකය ලස්සනයි නේද
දේදුන්නක් හරහා බැලුවම
එකම පාටට වඩා
පාට ගොඩක් වැටුනම කොයිතරම් ලස්සනද



අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

11 comments:

  1. අැත්ත කතාව...... දැන් වෙනස් විදිහට බලන්න කාලයයි

    ReplyDelete
  2. සුදු පාට හැදෙන්නේ මේ දේදුනු වර්ණ එකතු වෙලා කියලා මේ යට කියලා දෙන්නත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. දේදුන්නෙන් සමණළියොත් එනවා

      Delete
  3. වෙනස්ම විදිහකට බලන්න අපේ කට්ටියටනම් තව කල් යාවි වගේ..

    ReplyDelete
  4. එක එකාගේ නිදහස එක එක විදියයි!
    දේදුන්න හොද ආරම්භයක් වෙයි!

    ReplyDelete
    Replies
    1. දේදුණු පේන්න බෑනෙ අපේ අයියලාට රූපේ

      Delete
  5. අහස නිල් පාටට පේන එකා අහස නිල් පාටයි කියනවා වගේ අහස රතු පාටට පේන එකාට අහස රතු පාටයි කියලා කියන්න දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත කටුස්සො

      Delete