Thursday, August 6, 2015

කෙහෙල් මලක් දළඹුවෙක්

සමණළයෙක් වෙන්න 
පාරමිතා පුරන දළඹුවා
තාම පිං මදිව මල් සුවඳ
යනු කුමක්දැයි හොයනවා

කෙහෙල් කඳ පලාගෙන 
කෙහෙල් මල පිපෙනවා
කෙහෙල් කඳ බදාගෙන 
දළඹු ඇස් ලොබ බඳිනවා

සමණල්ලු නාවට 
කෙහෙල් මල ගාවට
දළඹු සිත ආදරේ
මුල් අකුරු ලියනවා

ආදරෙම නොවුනට 
මොකක්දෝ හැඟීමක
කිතිය අරගෙන ආපු 
දළඹු පහසින් කෙහෙල් මල
මොනවදෝ හොයනවා

දෙන්න මල් රොන් නැතුව
කෙහෙල් මල තැවෙනවා
වෙන්න සමණල් බැරුව
දළඹු දුක අහනවා

දළඹු පෙම ගාවගෙන
කෙහෙල් මල කසනවා

14 comments:

  1. නියම වෙනස් අදහසක් සහ අපූරු පද බැඳීමක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධු

      Delete
  2. අපූරුයි මචෝ..... යටි අරුත මනාව පිළිබිඹුවෙනවා...

    ReplyDelete
  3. මට මතක් උනේ දිවුල්ගනේ ගේ සින්දුවක්..
    ///සඳුට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම්..
    හිරුට පෙම් බැඳී එකද තරුවක් සිටිය නොහැකිද යම්..///

    ReplyDelete
  4. අපූරුයි කිචියෝ... වෙනස්ම අදහසක්..

    ReplyDelete
  5. මම හිතන්නේ මම මෝඩ වෙලා! මට තේරුනේ නෑ බන්!

    ReplyDelete
    Replies
    1. උඹට නොතේරුනා කියන්නෙ මම අසාර්ථකයි කියන එක

      Delete
  6. පට්ට මචං. පද පේළි ලස්සනට ලියල තියෙනවා. මධු කිව වගේ වෙනස් අදහසක්. නියමයි.
    ජය වේවා !!!

    ReplyDelete
  7. සුපිරි කිචියෝ...... මේවාගේ ඒවා පට්ටයි හරිද???

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි කුරුටු උඹට

      Delete