Sunday, March 27, 2016

හිතුනොතිං මෙතැනට එමූ

අහසක් නොවෙයි නුඹ
එකම එක අහසක එකම එක හෙණයකි
පොළොවක් නොවෙයි නුඹ
එකම එක පොළොවක එකම එක වැලි කැටයකි

මා දුටුව විසල් සිහින
වැසි බවට පත්වී ඇද වැටෙයි
තෙමාගෙන මාවම

ප්‍රේමයම හෙණයකි
පාත්වෙන පපුවට
හරියටම කිව්වොත්
නුඹ හිස තියාගත් තැනටම

ගැබ්බර කරන්නට හිතූවත්
මගේ ලේ කළලයක්
උඹට දොළ දුක හැදුනෙ
කන්නමයි අන්නාසි ගැටයක්

කේන්තිය පවුකාරයි
කේන්තිය මට කෝඩුකාරයි
මධුසමය අහවරයි
දැන් ඉතිං පෑවිල්ල ඇරඹෙයි

සිහිල මට දැනුනු
දිය බිඳිති උනපූ
වේළිලා යයි දැං
හිතුවිලි හිතට ගලපූ

ආදරය සාමුහික ගොවිපොලකී
අස්වැන්න කෑමට පමණී
විකුණලා සල්ලිත් අවැසී
නුඹ ඇත්තටම සුභසාධන රජයකී

හරි කෙලිං මාවත් විහිදුනූ
හංදියකි අපි නැවතුනූ
දැං ඉතිං වෙන්වෙමූ
හිතුනොතිං මෙතැනට එමූ




අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

6 comments:

  1. "ප්‍රේමයම හෙනයකි
    පාත් වුණු පපුවට"
    අගෙයි ඔබෙ සිතුවිලි
    යතාර්තයට කිට්ටුම
    බහුතරය නොදකින

    ReplyDelete