Sunday, April 26, 2015

මඩකළපුවෙන් ආවට


 





මඩකළපුවෙන් ආවට
මඩ ගාන්න එපා ජාතියට
පටවගෙන සුදු වෑන් එකේ මරල දැම්මට
ආදරේ මැරුණෙ නෑ තාම
නම ලියල හීරුවට බරක් නෑ
කැටපත් පවුරට

 
අප්පව මරපු කාශ්‍යප
බඹර විසේට රොන් ගන්න
නෙළුම් සුවඳ ලියන් එක්ක
පණ රැකගන්න හැංගුන සීගිරිය

අපි හිටියෙත් බයෙන් ගැහි ගැහී
කාශ්‍යපට වඩා ගොඩක්
බඹරු අහිංසකයි හත අටක් ඇන්නොත් මැරෙයි
බුලට් පියෑඹුවෙ අප්පව මරපු කාශ්‍යප වගෙයි

ලේ බිංදුවට වටිනාකමක් දුන්නු ඒ පොළොව
පිළී ගඳින් වෙන් කරා අපිව ඔහෙලව
ඉඳ හිටල මාළුවෙක් සිංදුවක් කිව්වට
අපි අප්පුඩි ගැහුවෙ බයට

අපි මඩකළපුවෙ දෙමළ
යාපනේ හදවත් උණු නෑ
අපේ කඳුළු ළඟ
හැබැයි උඹලට අපිත් දෙමළ

ආදරේ කරපු පපුවට
වෙඩි වැදිල ලේ පොඟල වැල්ලට
වැටිල හිටපු දුක ආවා මතකෙට
ඒකයි රිද්දෙව්වෙ කැටපත් පවුරට

ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
මං වගේ දුක දැණුනු උන් වෙන්නැති
ඒත් දැන් උන් කවියො
මම ත්‍රස්තවාදිනිය

නිමිත්ත - මඩකළපුවෙන් පැමිණි තරුණියක් කැටපත් පවුරේ ඇගේ පෙම්වතාගේ නම ලියයි. ඇය ඊට වරදකරුවී දෙවසරක් හිරේ යයි. ඇගේ පෙම්වතා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් පසුව මිනිය හමුවී තිබුනේ වසර ගණනකට පෙරදීය.......!


52 comments:

  1. අපූරුයි දිගටම ලියන්න.. අනෙක් බ්ලොග් හා සහ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න.. නැත්නම් බ්ලොග් තුලවත් පැවත්මක් නැත.

    ReplyDelete
    Replies
    1. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
    2. මුළු දකුණු ආසියාවෙම වැඩිපුර ඉන්නෙ ලිංගික අසහනේ පිරිච්ච එක වගේ කාලකන්නි...! චික් විතක මුන්ගෙ සක්කිලි වැඩ...ඒ කෙල්ලගෙ ඇඟෙන් ලේ ගලනව....අර පරය එහෙව් ළමයෙකුටනෙ මෙහෙම තිරිසන් සක්කිලි වැඩක් කරන්නෙ...!

      Delete
    3. මේ බ්ලොග් එක හරියට කරන්න මට ගට දුන්නේ අපේ අටම්පහුරා තමයි. උෟ නැත්තම් මේක කියවන්නෝ අතරට ගෙනියන්න වෙන් නෑ.
      බොහෝම ස්තූතියි මාතලං මම උඹලගේ උපදෙස් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා

      Delete
    4. @AnonymousApril 26, 2015 at 4:12 PM
      ඇනෝ

      වරදවා හිතන්න එපා , ඔයා මේක මෙහෙම තැන් කිහිපයකම දාල තියනව මම දැක්කා , ඒ සිද්ධිය දැකිමෙන් ඇති උන කම්පනයෙන් ඔයා මෙහෙම කරනවා උනාට , පුනපුනා කිවීමෙන් එක ......කොහොමද මේක කියන්නේ මට තේරෙන්නේ නැ , මේක කියන්න මං දන්න වචන මදි .........මට හිතෙන දේවල්

      Delete
  2. අපි මඩකළපුවෙ දෙමළ
    යාපනේ හදවත් උණු නෑ
    අපේ කඳුළු ළඟ
    හැබැයි උඹලට අපිත් දෙමළ

    ඕකෙ අනික් වර්ෂන් එක තමා ඉහලින් මාතලන් කියල තීන්නෙ.

    උඹත් ලියන්නෙක්, ඒත් අනෙක් උන්ගෙ ඒවට කමෙන්ට් නොකලොත් උඹ ලියන ඒ උන් ගනන් ගන්නෙත් නෑ. ඒකයි මේ "අමර" බ්ලොග් කාරයන්ගෙත් විදිහ.

    ReplyDelete
    Replies
    1. සාමා(න්‍ය) අමර අටම් අයියේ...

      Delete
    2. ඇත්ත කියන්න එපාය බං...

      Delete
    3. දෙමළ සමාජෙත් සෑහෙන්න බෙදිලනෙ බං කුල විදියට. ඊළම ආවනං ඊළඟට යාපනේ උනුයි නැගෙනහිර උනුයි ඊගාවට මරා ගනියි.

      Delete
    4. ඇත්ත කියන්න එපාය බං...

      ඒකනේ ඇත්ත කියහල්ලකෝ

      Delete
    5. අනිවාර්‍යයෙන් මාතගෙ කතාව ඇත්ත. කොමෙන්ට් එකකට රිප්ලයි නොකරන බ්ලොග් වලටත් ඕකම තමයි.

      Delete
  3. මූට මං කට කැඩෙනකං ඔය උඹල කියල තියෙනෙක කියල ඇති.. කලින් එකක් කෙළවෙනකම් හිටියා.. මේකවත් පරිස්සම් කර ගනින්..

    ReplyDelete
    Replies
    1. අටමාගේ කමටහන් අනුව මෙය ඉදිරියට නිවැරදිව කරමි .... හා හා හා

      Delete
  4. දිගටම ලියාගෙන යමු. එතකොට ඔයාටත් අපටත් තේරෙනවා දිගටම ලිව්වොත් හොඳද නැද්ද කියලා. අර කිව්වා වගේ අනික් ඒවාත් කියවලා කමෙන්ට් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුදීක මචං

      Delete
    2. මචං..... පිස්සුද යකෝ ...සුදීක මහත්තය කියහං

      Delete
  5. http://yakaageadaviya.blogspot.com/2015/03/2221.html

    කැටපත් පවුරේ කිවිදිය උදයා 2221 සරසවි සිසුවාට සමාව දෙන්න

    ReplyDelete
  6. //ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
    මං වගේ දුක දැණුනු උන් වෙන්නැති
    ඒත් දැන් උන් කවියො
    මම ත්‍රස්තවාදිනිය//

    කාලය මැවූ වෙනසක අරුමයක්ද?

    -------

    මොනවා වුනත් වචන ටික නම් තදින්ම වදිනවා මනුස්සකමක් තියෙන හැම හිතකට ම.

    --------

    පාර කියපු අටමා ටත් ආයේ පාරක් තැනක් යූ කියන්න වටිනවා.

    එන්නම් දිගටම මෙහෙත් ටිකක ට ගොඩවෙලා යන්න

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් ආවොත් කියවන්න දෙයක් දෙන්නං ඉදිරියට නිතරම

      Delete
  7. අටං කියපු පාරෙ ආවෙ, දිගටම ලියනවනං හොඳා

    ReplyDelete
    Replies
    1. අටං තමයි යන පාර පෙන්නුවෙ උඹලවත් දැන අඳුර ගෙන

      Delete
  8. ඔන්න අටමගේ පාර දිගේ මමත් ආවා එහෙනම්...

    ගෑණු ළමයා කරපු දේ වැරදියි. ඊට වඩා වැරදිකාරයෝ නිදල්ලේ ඉන්න ඇරලා මේ වරද ලොකු කරගත්ත නීතිය ඊට වඩා වැරදියි.

    ReplyDelete
    Replies
    1. ජනාධිපති සමාව දෙනව කිව්වට ලැබුනේ නැද්ද මන්ද තාම ඒ කෙල්ලට

      Delete
  9. අටං කිව්වා .. අපි ආවා... දිගටම ලියමු......

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි .. උඹේ කොහෙද කිචි??

      Delete
    2. කිචී කියන්නෙ අපේ උන්දැගෙ හුරතල් නම බොලව් හිකිස්

      Delete
    3. හුකා මං මෙහෙම එකෙක් දැක්කමයි මේ

      Delete
  10. දිගටම ලියන්න. ඒත්...
    මේ වගේ නිර්මාණ අනෙක් පැත්තෙනුත් බිහිවෙනවද?

    ReplyDelete
    Replies
    1. අනෙක් පැත්තෙ මෙහෙම නිර්මාන කරන එවුන් නැහැ. නිකම් හරි එහෙම කතාවක් කිව්වොත් ඌට ගමට එන්න බැහැ.
      නිරන්ජන් කිව්ව වගෙ මරාගෙන මැරෙන බෝම්බකාරියන්ටත් කවි ලියන ඩයල්නෙ මේ පැත්තෙ ඉන්නෙ

      Delete
    2. එතකොට වරද තියෙන්නේ කොතකද , කාගෙද ...මට තේරෙන්නේ නැ බං

      Delete
  11. සුපිරියට ලියල තියෙනවා...(දැනගත්තෙ අටම්පහුරෙන්)

    ReplyDelete
  12. පාර කිව්වෙ අටං. නියමයි. දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
  13. පාර කිව්වෙ අටං. නියමයි. දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
  14. අර අටමා කිව්ව රූට් එක දිගේ ආවෙ.. දිගටම ලියහං මස්සිනේ.අපි ෂපෝට් !!

    ReplyDelete
    Replies
    1. අටම හින්ද තමයි උඹලව දැන ගත්තේ. නවතින් නෑ දිගටම ලියනවා

      Delete
    2. මස්සිනා ...අඩෝ පත්තරේ ......උඹ කොන කැපුවද

      Delete
  15. අටමගේ අටමගලෙන් ගොඩ වුණේ.. දිගටම එන්නම්,, ඔයා ලියන්න දිගටම

    ReplyDelete
    Replies
    1. අටම මගේ ටෝච් එක බ්ලොග් කළුවරට අල්ලන

      Delete
    2. රාත්‍රීයට ඇස් තියන නිසා
      කට වහගන හිටියොතින් හොදයි

      Delete
  16. දිගටම ලියමු.. අටම්ගෙන් පාර දැකලා මේ පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete
  17. එල ද බ්‍රා.
    දිගටම ලියමු

    ReplyDelete
  18. අටම පෙන්නුව පාර දිගේ ආවෙ. නිර්මාණය හදවතටම දැනෙනව.

    ReplyDelete
  19. අටමගෙන් පාර අහන් ආවෙ.. දිගටම ලියපං මචං.. ජය වේවා!!

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete