මඩකළපුවෙන් ආවට
මඩ ගාන්න එපා ජාතියට
පටවගෙන සුදු වෑන් එකේ මරල දැම්මට
ආදරේ මැරුණෙ නෑ තාම
නම ලියල හීරුවට බරක් නෑ
කැටපත් පවුරට
අප්පව මරපු කාශ්‍යප
බඹර විසේට රොන් ගන්න
නෙළුම් සුවඳ ලියන් එක්ක
පණ රැකගන්න හැංගුන සීගිරිය
අපි හිටියෙත් බයෙන් ගැහි ගැහී
කාශ්‍යපට වඩා ගොඩක්
බඹරු අහිංසකයි හත අටක් ඇන්නොත් මැරෙයි
බුලට් පියෑඹුවෙ අප්පව මරපු කාශ්‍යප වගෙයි
ලේ බිංදුවට වටිනාකමක් දුන්නු ඒ පොළොව
පිළී ගඳින් වෙන් කරා අපිව ඔහෙලව
ඉඳ හිටල මාළුවෙක් සිංදුවක් කිව්වට
අපි අප්පුඩි ගැහුවෙ බයට
අපි මඩකළපුවෙ දෙමළ
යාපනේ හදවත් උණු නෑ
අපේ කඳුළු ළඟ
හැබැයි උඹලට අපිත් දෙමළ
ආදරේ කරපු පපුවට
වෙඩි වැදිල ලේ පොඟල වැල්ලට
වැටිල හිටපු දුක ආවා මතකෙට
ඒකයි රිද්දෙව්වෙ කැටපත් පවුරට
ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
මං වගේ දුක දැණුනු උන් වෙන්නැති
ඒත් දැන් උන් කවියො
මම ත්‍රස්තවාදිනිය
නිමිත්ත - මඩකළපුවෙන් පැමිණි තරුණියක් කැටපත් පවුරේ ඇගේ පෙම්වතාගේ නම ලියයි. ඇය ඊට වරදකරුවී දෙවසරක් හිරේ යයි. ඇගේ පෙම්වතා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් පසුව මිනිය හමුවී තිබුනේ වසර ගණනකට පෙරදීය.......!
අපූරුයි දිගටම ලියන්න.. අනෙක් බ්ලොග් හා සහ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න.. නැත්නම් බ්ලොග් තුලවත් පැවත්මක් නැත.
ReplyDeleteFerdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?
Deleteවීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.
මුළු දකුණු ආසියාවෙම වැඩිපුර ඉන්නෙ ලිංගික අසහනේ පිරිච්ච එක වගේ කාලකන්නි...! චික් විතක මුන්ගෙ සක්කිලි වැඩ...ඒ කෙල්ලගෙ ඇඟෙන් ලේ ගලනව....අර පරය එහෙව් ළමයෙකුටනෙ මෙහෙම තිරිසන් සක්කිලි වැඩක් කරන්නෙ...!
Deleteමේ බ්ලොග් එක හරියට කරන්න මට ගට දුන්නේ අපේ අටම්පහුරා තමයි. උෟ නැත්තම් මේක කියවන්නෝ අතරට ගෙනියන්න වෙන් නෑ.
Deleteබොහෝම ස්තූතියි මාතලං මම උඹලගේ උපදෙස් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා
@AnonymousApril 26, 2015 at 4:12 PM
Deleteඇනෝ
වරදවා හිතන්න එපා , ඔයා මේක මෙහෙම තැන් කිහිපයකම දාල තියනව මම දැක්කා , ඒ සිද්ධිය දැකිමෙන් ඇති උන කම්පනයෙන් ඔයා මෙහෙම කරනවා උනාට , පුනපුනා කිවීමෙන් එක ......කොහොමද මේක කියන්නේ මට තේරෙන්නේ නැ , මේක කියන්න මං දන්න වචන මදි .........මට හිතෙන දේවල්
අපි මඩකළපුවෙ දෙමළ
ReplyDeleteයාපනේ හදවත් උණු නෑ
අපේ කඳුළු ළඟ
හැබැයි උඹලට අපිත් දෙමළ
ඕකෙ අනික් වර්ෂන් එක තමා ඉහලින් මාතලන් කියල තීන්නෙ.
උඹත් ලියන්නෙක්, ඒත් අනෙක් උන්ගෙ ඒවට කමෙන්ට් නොකලොත් උඹ ලියන ඒ උන් ගනන් ගන්නෙත් නෑ. ඒකයි මේ "අමර" බ්ලොග් කාරයන්ගෙත් විදිහ.
කොයි අමරද බං
Deleteසාමා(න්‍ය) අමර අටම් අයියේ...
Deleteඇත්ත කියන්න එපාය බං...
Deleteදෙමළ සමාජෙත් සෑහෙන්න බෙදිලනෙ බං කුල විදියට. ඊළම ආවනං ඊළඟට යාපනේ උනුයි නැගෙනහිර උනුයි ඊගාවට මරා ගනියි.
Deleteඇත්ත කියන්න එපාය බං...
Deleteඒකනේ ඇත්ත කියහල්ලකෝ
අනිවාර්යයෙන් මාතගෙ කතාව ඇත්ත. කොමෙන්ට් එකකට රිප්ලයි නොකරන බ්ලොග් වලටත් ඕකම තමයි.
Deleteමූට මං කට කැඩෙනකං ඔය උඹල කියල තියෙනෙක කියල ඇති.. කලින් එකක් කෙළවෙනකම් හිටියා.. මේකවත් පරිස්සම් කර ගනින්..
ReplyDeleteඅටමාගේ කමටහන් අනුව මෙය ඉදිරියට නිවැරදිව කරමි .... හා හා හා
Deleteමොනවද බං මේ
Deleteදිගටම ලියාගෙන යමු. එතකොට ඔයාටත් අපටත් තේරෙනවා දිගටම ලිව්වොත් හොඳද නැද්ද කියලා. අර කිව්වා වගේ අනික් ඒවාත් කියවලා කමෙන්ට් කරන්න.
ReplyDeleteබොහෝම ස්තූතියි සුදීක මචං
Deleteමචං..... පිස්සුද යකෝ ...සුදීක මහත්තය කියහං
Deletehttp://yakaageadaviya.blogspot.com/2015/03/2221.html
ReplyDeleteකැටපත් පවුරේ කිවිදිය උදයා 2221 සරසවි සිසුවාට සමාව දෙන්න
//ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
ReplyDeleteමං වගේ දුක දැණුනු උන් වෙන්නැති
ඒත් දැන් උන් කවියො
මම ත්‍රස්තවාදිනිය//
කාලය මැවූ වෙනසක අරුමයක්ද?
-------
මොනවා වුනත් වචන ටික නම් තදින්ම වදිනවා මනුස්සකමක් තියෙන හැම හිතකට ම.
--------
පාර කියපු අටමා ටත් ආයේ පාරක් තැනක් යූ කියන්න වටිනවා.
එන්නම් දිගටම මෙහෙත් ටිකක ට ගොඩවෙලා යන්න
වරෙන් වරෙන් ආවොත් කියවන්න දෙයක් දෙන්නං ඉදිරියට නිතරම
Deleteඅටං කියපු පාරෙ ආවෙ, දිගටම ලියනවනං හොඳා
ReplyDeleteඅටං තමයි යන පාර පෙන්නුවෙ උඹලවත් දැන අඳුර ගෙන
Deleteඔන්න අටමගේ පාර දිගේ මමත් ආවා එහෙනම්...
ReplyDeleteගෑණු ළමයා කරපු දේ වැරදියි. ඊට වඩා වැරදිකාරයෝ නිදල්ලේ ඉන්න ඇරලා මේ වරද ලොකු කරගත්ත නීතිය ඊට වඩා වැරදියි.
ජනාධිපති සමාව දෙනව කිව්වට ලැබුනේ නැද්ද මන්ද තාම ඒ කෙල්ලට
Deleteඅටං කිව්වා .. අපි ආවා... දිගටම ලියමු......
ReplyDeleteඒක නෙවෙයි .. උඹේ කොහෙද කිචි??
Delete:D
Deleteකිචී කියන්නෙ අපේ උන්දැගෙ හුරතල් නම බොලව් හිකිස්
Deleteහුකා මං මෙහෙම එකෙක් දැක්කමයි මේ
Deleteදිගටම ලියන්න. ඒත්...
ReplyDeleteමේ වගේ නිර්මාණ අනෙක් පැත්තෙනුත් බිහිවෙනවද?
අනෙක් පැත්තෙ මෙහෙම නිර්මාන කරන එවුන් නැහැ. නිකම් හරි එහෙම කතාවක් කිව්වොත් ඌට ගමට එන්න බැහැ.
Deleteනිරන්ජන් කිව්ව වගෙ මරාගෙන මැරෙන බෝම්බකාරියන්ටත් කවි ලියන ඩයල්නෙ මේ පැත්තෙ ඉන්නෙ
එතකොට වරද තියෙන්නේ කොතකද , කාගෙද ...මට තේරෙන්නේ නැ බං
Deleteකොතනකද
Deleteසුපිරියට ලියල තියෙනවා...(දැනගත්තෙ අටම්පහුරෙන්)
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteපාර කිව්වෙ අටං. නියමයි. දිගටම ලියමු. ජය වේවා!!!
ReplyDeleteපාර කිව්වෙ අටං. නියමයි. දිගටම ලියමු. ජය වේවා!!!
ReplyDelete:-D
Deleteඅර අටමා කිව්ව රූට් එක දිගේ ආවෙ.. දිගටම ලියහං මස්සිනේ.අපි ෂපෝට් !!
ReplyDeleteඅටම හින්ද තමයි උඹලව දැන ගත්තේ. නවතින් නෑ දිගටම ලියනවා
Deleteමස්සිනා ...අඩෝ පත්තරේ ......උඹ කොන කැපුවද
Deleteඅටමගේ අටමගලෙන් ගොඩ වුණේ.. දිගටම එන්නම්,, ඔයා ලියන්න දිගටම
ReplyDeleteඅටම මගේ ටෝච් එක බ්ලොග් කළුවරට අල්ලන
Deleteරාත්‍රීයට ඇස් තියන නිසා
Deleteකට වහගන හිටියොතින් හොදයි
දිගටම ලියමු.. අටම්ගෙන් පාර දැකලා මේ පැත්තට ගොඩ වුනේ..
ReplyDelete:-D
Deleteඑල ද බ්‍රා.
ReplyDeleteදිගටම ලියමු
අටම පෙන්නුව පාර දිගේ ආවෙ. නිර්මාණය හදවතටම දැනෙනව.
ReplyDeleteඅටමගෙන් පාර අහන් ආවෙ.. දිගටම ලියපං මචං.. ජය වේවා!!
ReplyDeletehttp://nelumyaya.com/?p=1932
DeleteThis comment has been removed by the author.
ReplyDelete