Friday, May 22, 2015

සිල්වත් - නොවත් - නොවෙමි දෙව්දත්



සාසනේ පවතින්න
ආධාරයක් කර යන්න
ටිකට් පොත් බෝ ඇති
කැමැත්තක් තෝරන්න

පොඩි කාලෙ ආවෙමි
මේ සුන්දර ඇබිති කමට
නැතත් කසාවත් මමත් සිල්වත්
සුළඟ සැපතක් මේ වටාපත්


--------- දෙවිනුවර පූජා භූමියේදී අනවසරයෙන් ඩැහැගත් ටිකක් බොඳ වූ ඡායාරූපයක් ------------



අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි





23 comments:

  1. මේ ඡායාරැපයට සිත පහන් වෙන්නෙ නෑ මචෝ.

    ReplyDelete
    Replies
    1. සිත් පහන් කරවන්න නෙවෙයි මචෝ මේකෙ අදහස වුනේ. වෙනස් විදියක දර්ශනයක් කැමරාවට අහුවුනා එච්චරයි.

      Delete
  2. සිල්වත් වෙන්න නම් සිවුරු අඳින්න ඕනිම නෑනේ.. හැබෑට හාමුදුරුවොන්ට ඔය වටාපත් ලැබුණු විදිය කවුරුහරි දන්නවද? මට හිතෙන්නේ නම් ඒ දවස්වල වැස්සට අල්ලපු තල් කොලේ මොඩිෆයි වෙලා මේක හැදිලා වගේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ තර්කයක්

      Delete
  3. මෙන්ඩා කියපු දේමයි ෆොටෝ එක ගැන මටත් හිතුනේ...
    නිර්මාණයේ වරදක් නැහැ...

    ReplyDelete
    Replies
    1. සිත් පහන් කරවන්න නෙවෙයි මචෝ මේකෙ අදහස වුනේ. වෙනස් විදියක දර්ශනයක් කැමරාවට අහුවුනා එච්චරයි.

      Delete
  4. දෙවුන්දර දේවාලේ තියෙන්නේ මාලු විකුනන තැනමනේ මචෝ...මේ නාකි මනුස්සයා ඔය වටාපත තියන් ඉන්නේ මැස්සෝ එලවන්න මිසක් බොරු කියනකොට මූණ වහගන්න වෙන්න බැහැ...
    ඇයි අර වැවුරුකන්නලත් ටිකට් පොත් පොරක් ඉන්නවා නේද බුදු මැදුර ඇතුලේ....එතනන් මාලු නැහැ ඉතින වටාපොතත් නැහැ...

    ReplyDelete
  5. අම්මපා කිචි .......... මේවා දැක්කා ම අපටත් කිචි....

    දැනට ඉන්න සමහර සාසනේ අෑයෝ මේ වැඩේ කරන්නේ රෙදි නැතුව... මේ මිනිහා සරමක්වත් අැදන් කරන ඒක තරමක් හරි හොදයි

    ReplyDelete
  6. ඕක වැනුවම වදින්නේත් දාඩිය නිවන්න එන හුලඟම නං , පාත්තරේට දාගෙන කෑවත් නිවෙන්නෙ එකම බඩගින්න නම්, කසා පාට කලිසමක් ඇන්දත් වැහෙන්නෙ එකම විළිය නම්, ඕකෙ තියන වැරද්දක් මම නම් දකින්නෙ නෑ..
    වටාපත ඉස්සරහින් වන වන සල්ලි වලට බණ කියනවා නම්, පාත්තරේ කකා මගඩි වලින් සල්ලි පොදිගහනව නං, කසාවත ඇඳගෙන මිත්‍යාදෘෂ්ටිය වපුරනවා නං අන්න ඒක වැරදියි...

    ReplyDelete
    Replies
    1. කාත් කවුරුවත් පිහිටට නැති මේ වගේ අසරණ මිනිස්සු හුඟක් පංසල්වලට එනවා ජීවිතේ අවසාන කාලෙදි.

      Delete
    2. සජ්ජා හරි...
      මේ අහිංසකයා ලව්වා මේ බිස්නොස් එක කරන හාදයාගේ පොටෝ කෑල්ලකුත් හොයාගන් මලේ....!

      Delete
    3. ෆොටෝ නම් ඕනෙ තරම්
      දැම්මොතින් ඉස්තරම්
      නොදා ඉමු කස්තිරම්
      නිවන් මග වැහුවොතින්

      Delete
  7. චා ! චා !! මේව මෙහෙම ප්‍රසිද්ධියේ පෙන්නන්න හොඳ ද ? ප්‍රසිද්ධියේ කතා කරන්නත් හොඳ නෑ. !!! ශාසනේට(ශාසනේ අයිති කාරයන්ට) අගවුරවයක් වෙන්න පුළුවන්. හරියට දළදා මාලිගාවෙ දළදා වහන්සේ කිහිල්ලේ තියාගන හරි රැකගන්න බාර දීපු කෙනා කළාය කියන අහුබ දේවල් ප්‍රසිද්ධ කළා වගේ නේද කිචී ඈ !!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒකද ඇනෝ උඹ ඇනොනිමස් විදියට ආවේ හැක් හැක්

      Delete
  8. නිවන් මිල දර්ශකය
    ආත්ම හතකින් නිවන් දකින්න - රු.50 යි
    ආත්ම තුනකින් නිවන් දකින්න - රු.100 යි
    ලබන ආත්මේ නිවන් දකින්න - රු.500 යි
    මේ ආත්මෙම නිවන් දකින්න - රු.1000 යි

    ReplyDelete
    Replies
    1. ඕකට තව එකහු කරහන් මාස ගානෙන්, අවුරුද්දෙන් වගේ නිවන් යන්න හොඳ බෙන්ස් එකක් එහෙම ;)

      Delete
    2. මධුවො මේක පාරිභෝගික අධිකාරියෙ අනුමතයිද?

      Delete
    3. මනා බෙන්ස් නම් ඉතිං නිවන්ම තමයි

      Delete
  9. මොකද්ද කුමාරියෝ තෝරන තරගෙකද කොහෙද වටාපතට සමාන එකක් තියාගෙන ඇවිද්ද අය ඉන්න රටේ ඕක මොකද්ද ඉතින්...

    ReplyDelete
    Replies
    1. හිකිස් උන් ජපන් කුමරියෝ වෙන්න ගියානේ

      Delete