Wednesday, May 6, 2015

හිතුවිලි උපද්දන පාළුව

මේ මගේ පාළුවයි
මං ආස පාළුවයි
අනුන්ගේ පාළුවට තනි රැක්ක
මගේ පාළුවට කෙනෙකු නොසොයමි මම

පාළුව මගේ අයිතිය
කාටවත් නැති කරන්නට අයිතියක් නැත 
කුරුළු පිහාටු අවැසි නැත 
පාළුව හිතට පිහාටු දී ඇත
සරන්නට සිතන්නට 

මගේ පාළුව ගැන හිතන්නෙම වෙන අය
මම ආසයි මට ආස විදියට මම වෙන්න
කාගෙවත් නිර්මාණයක් නොවෙන්න
ඒ හින්ද මගේ පාළුව මටම දෙන්න 

හිතුවිලි උපද්දන පාළුව
වළාකුළු උඩ නිදිකරවන පාළුව
හිත නිරුවත් කරවන පාළුව
සළු ඇඳ ගත් උන් වෛර කරන පාළුව

21 comments:

  1. කවුරු හරි ඒ ගැන කතා කරන කොට
    පැදුරටත් නොකියා පලා යන
    පාළුව...

    ReplyDelete
  2. ඒ වුනාට වෙලාවකට පාළුවත් පට්ට ම පාළුයි...

    ReplyDelete
  3. අගෙයි... නියමයි

    ReplyDelete
  4. හිතිවිලි උපද්දන පාළුව පාලුවටම යන්නයි මේ හිත කැමති ඒ තරමටම පාළුව හිත රිද්දන නිසා

    ReplyDelete
  5. පාලුව පුරුදුවෙච්ච මිනිහෙක්ගෙන් අහපන් ආපහු සමාජගතවෙන්න කොච්චර අකමැතිද කියලා.පාලුව,තනිකම හිතට හරි නිවනයි කිවුවළු.

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් .. පාළුවේ ඉඳල සමාජගත උනාට පස්සෙ සමාජෙ පාළු කරන්න හදන්නෙ :p

      Delete
  6. ලස්සනයි... පාලුව නියම මාතෘකාවක්

    ReplyDelete
  7. පාළුව තරම් සුන්දර දෙයක් එක වෙලාවකට නෑ බං..

    ReplyDelete
  8. සැමදා තනියට,
    කිසිවෙකු ළඟ නොසිටියද,
    මා ලඟම සිටින ,
    මගේ මිතුරු පාළුව..

    ----------

    පද පේලිය යම් බොහොම අගෙයි(මගේ නොව ඔබේ)

    ReplyDelete
  9. ලස්සනයි කිචි... එක නෙවෙයි බ්ලොග් එක ෆලෝ වෙන්නෙ නෑ නෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ ඒක වෙන්න බෑනෙ

      Delete
  10. අඩෝව්.... පාලුව තරම් හොඳ දෙයක් තියනවද ඩෝව් ... ඇත්තම කිව්වොත් මම ආසම පාලුවට ......

    ReplyDelete
  11. පද පෙල ටොප්!
    ඒකෙත් සැප දන්නෙ විඳින එකා තමා.

    ReplyDelete
  12. පාළුව තමා කවි සිත් අවධි කරවන්නෙ
    ජයවේ කිචී!

    ReplyDelete
  13. ඉස්සර මම ඕක සම්භාව්‍ය විදියට මෙන්න මෙහෙම හිතාගෙන හිටියා I'm not alone because loneliness is always with me :)

    ReplyDelete
  14. එල ද බ්‍රා..
    නිසදැස ලස්සනයි

    ReplyDelete
  15. උඹේ බ්ලොග් එක මට කලින් හම්බ නොවිච්ච එකක්...
    දැන් එන්නම් දිගටම...

    පැදිපෙළ ලස්සනයි මචං...

    ///අනුන්ගේ පාළුවට තනි රැක්ක
    මගේ පාළුවට කෙනෙකු නොසොයමි මම ///
    පාළුව විඳගෙන තනියෙන් ඉන්න එක සැපක් කියල අපිටත් හිතෙනවා බන් වෙලාවකට... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හමුවීම සතුටක් ලොකු පුතා

      Delete