කාෂ්ඨක වැල්ල විතරක් නොවෙයි
ගලුත් තියෙනවා අරාබි පොළොවෙ
කඩුත් තියෙනවා අරාබි පොළොවෙ
හැබැයි තෙල් තියෙන්නෙ අපේ පොළොවෙ
පොළොවෙ කිව්වට අපේ ඇඟේ
තෙල වැඩි අපිට
ඉතිං අපි තෙල් මදි අරාබියට අපේ මල් යවනවා
මල් මිරිකලා තෙල් ගන්න කියලා
මෙහේ පොකුරේ පිපුණට
එහේ ගියහම අපේ මල් තනි වෙලා
ඉතිං හුළඟක් ආවම මලත් හරියට නැමෙනවා
හුළං ආ පලියට නැමෙන්නම ඕනෙද
හුළං හමනවා මිසක හමන්නැති වේවිද
හුළඟකට සුවඳ දී මල් කරන දේ හරිද
අරාබියෙ නීති පොත අමුවෙන්ම අහනවා
ගලුත් කඩුත් හරි හරියට අපේ මලට තලනවා
ලංගම වගේ තෙලුත් ගහං අපි පාඩුවටම දුවනවා
මල් පටවන ඒජන්සිය රට ඉඳි පැණි පෙරනවා
මල් පරවෙන අරාබියට අපි පෙත්සම් ගහනවා
ඉතිං හුළඟක් ආවම මලත් හරියට නැමෙනවා
ReplyDeleteසුපිරි
ජයවේ කිචියෝ!
හුළඟට මල් නැවෙනවා වර්ණේ
Deleteආ.. උඹට බ්ලොග් එකකුත් තියෙනවා නේ මචෝ.. හි හි.. (කාලෙකින් දැකපු නැති නිසා අමතක වෙලා තිබ්බේ..)
ReplyDeleteකවියනම් පට්ට..රැඩිකල්.. වෙනද වගේම.. පාරට මල් විසිකරන අපි ඒ මල් පයට පොඩි වෙනවා කියල කම්ප්ලේන් කරනවා..
මේවා මල් පැමිණිලිම වේද මංදා කලණේ
Deleteලෝකෙ තියන තාක් කල්
ReplyDeleteමල් පිපෙයි එක එක ජාතියෙ
ඒ මල් කොයි හුළඟටත් නැවෙයි
ඒ ඒවා මල් නිසා..
මල් හතයි කිය කියා
කට්ටියක් මල් බලයි..
තව ටිකක් මල නෙලයි
තවත් කට්ටියක්
පැත්තක ඉඳන් හූල්ලයි.....
කවුරුත් දැන දැන
තැලෙන පොඩි වෙන මල්
මේ කල්පෙ පුරාවට විඳවයි..
ඒ ගැන කිසිම දෙයක් නොකරන අයව
සදාකාලික නිරයකට යයි
ස්තූතියි ගොඩක්
Deleteඑහේ උන්ගේ තෙල හිඳෙනවා බං තව ටිකක් කල් යද්දි. ආං එතකොට දකින්න ලැබේවි දෛවයේ සරදම්!
ReplyDeleteජිනසේන කොම්පැණියත් හයිබ්රඩ් ත්රී වීල් එකක් හදලලු ආං
Deleteඅරාබිය කියන්නෙ
ReplyDeleteමිනිස්කමේ අරුණලු නොදුටු
ගෝත්රික සමාජයක්
වැඩිද මන්දා සැල්වේනියෝ
Deleteහෙහ්.. බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ... තෙල් සල්ලි නිසා උඩ ගියාට උන් තාමත් ගෝත්රිකයෝ බං... රැඩිකල් පදවැල්...
ReplyDeleteබ්ලොගෙත් මතකයි සජ්ජාත් මතකයි
Delete//මල් පටවන ඒජන්සිය රට ඉඳි පැණි පෙරනවා
ReplyDeleteමල් පරවෙන අරාබියට අපි පෙත්සම් ගහනවා // ඇත්ත නේන්නම්
ස්තූතියි තිලකේ
Deleteස්තූතියි තිලකේ
Deleteපැණි පෙරන්නෙ කවුරුත් - රොන් බෙදන්නෙ කවුරුත්
Deleteමේ රටට සල්ලි එන්නේ ඒ මල් වලින්.පාලකයෝ එක තේරුම් ගන්න ඕනේ.ඒ විදේශ ශ්රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිට වඩා වැඩියෙන් ආණ්ඩුව පෙනි සිටින්න ඕනේ.
ReplyDeleteපාලකයො තේරුම් ගන්නෙ නෑ මචං
Deleteඅපිත් කාගෙ පිටහරි වරද පටවන්ඩ එපැයි බන්!!
ReplyDeleteඅපිත් වැරදියි
Deleteස්තූතියි දිනේෂ්
ReplyDeleteඔව්වයින් පැහැදිලි වෙන්නේ රටට තියා ජනතාවටවත් ආදරයක් නැති පාලකයින් සිරි ලංකාව පාලනය කරනවා කියන එක විතරයි. උන්ට සැප විඳින්න සල්ලි එවනවනම් රටේම එවුන්ගේ බෙලි කැපුවත්, රටේම එවුන්ට ගල්ගහල මැරුවත් උන්ට නෙවෙයි ගානක් තියෙන්නේ. මම මේටික කිව්වේ පක්ස විපක්ස බේදයක් නැතුවයි. ගෑනු රට යවල ගෙවල්වලට වෙලා ඉන්න සැමියෝ ඉන්නවනම් උන්ව පුසී කලයුතුයි.
ReplyDeleteබෙලි සල්ලි
ReplyDelete