Tuesday, December 8, 2015

අරාබිය කියන්නෙම බය ගේන වචනයක්



කාෂ්ඨක වැල්ල විතරක් නොවෙයි
ගලුත් තියෙනවා අරාබි පොළොවෙ
කඩුත් තියෙනවා අරාබි පොළොවෙ

හැබැයි තෙල් තියෙන්නෙ අපේ පොළොවෙ
පොළොවෙ කිව්වට අපේ ඇඟේ
තෙල වැඩි අපිට
ඉතිං අපි තෙල් මදි අරාබියට අපේ මල් යවනවා
මල් මිරිකලා තෙල් ගන්න කියලා

මෙහේ පොකුරේ පිපුණට
එහේ ගියහම අපේ මල් තනි වෙලා
ඉතිං හුළඟක් ආවම මලත් හරියට නැමෙනවා

හුළං ආ පලියට නැමෙන්නම ඕනෙද
හුළං හමනවා මිසක හමන්නැති වේවිද
හුළඟකට සුවඳ දී මල් කරන දේ හරිද
අරාබියෙ නීති පොත අමුවෙන්ම අහනවා

ගලුත් කඩුත් හරි හරියට අපේ මලට තලනවා
ලංගම වගේ තෙලුත් ගහං අපි පාඩුවටම දුවනවා
මල් පටවන ඒජන්සිය රට ඉඳි පැණි පෙරනවා
මල් පරවෙන අරාබියට අපි පෙත්සම් ගහනවා

23 comments:

  1. ඉතිං හුළඟක් ආවම මලත් හරියට නැමෙනවා
    සුපිරි
    ජයවේ කිචියෝ!

    ReplyDelete
    Replies
    1. හුළඟට මල් නැවෙනවා වර්ණේ

      Delete
  2. ආ.. උඹට බ්ලොග් එකකුත් තියෙනවා නේ මචෝ.. හි හි.. (කාලෙකින් දැකපු නැති නිසා අමතක වෙලා තිබ්බේ..)

    කවියනම් පට්ට..රැඩිකල්.. වෙනද වගේම.. පාරට මල් විසිකරන අපි ඒ මල් පයට පොඩි වෙනවා කියල කම්ප්ලේන් කරනවා..

    ReplyDelete
    Replies
    1. මේවා මල් පැමිණිලිම වේද මංදා කලණේ

      Delete
  3. ලෝකෙ තියන තාක් කල්
    මල් පිපෙයි එක එක ජාතියෙ
    ඒ මල් කොයි හුළඟටත් නැවෙයි
    ඒ ඒවා මල් නිසා..

    මල් හතයි කිය කියා
    කට්ටියක් මල් බලයි..
    තව ටිකක් මල නෙලයි
    තවත් කට්ටියක්
    පැත්තක ඉඳන් හූල්ලයි.....

    කවුරුත් දැන දැන
    තැලෙන පොඩි වෙන මල්
    මේ කල්පෙ පුරාවට විඳවයි..
    ඒ ගැන කිසිම දෙයක් නොකරන අයව
    සදාකාලික නිරයකට යයි

    ReplyDelete
  4. එහේ උන්ගේ තෙල හිඳෙනවා බං තව ටිකක් කල් යද්දි. ආං එතකොට දකින්න ලැබේවි දෛවයේ සරදම්!

    ReplyDelete
    Replies
    1. ජිනසේන කොම්පැණියත් හයිබ්‍රඩ් ත්‍රී වීල් එකක් හදලලු ආං

      Delete
  5. අරාබිය කියන්නෙ
    මිනිස්කමේ අරුණලු නොදුටු
    ගෝත්‍රික සමාජයක්

    ReplyDelete
    Replies
    1. වැඩිද මන්දා සැල්වේනියෝ

      Delete
  6. හෙහ්.. බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ... තෙල් සල්ලි නිසා උඩ ගියාට උන් තාමත් ගෝත්‍රිකයෝ බං... රැඩිකල් පදවැල්...

    ReplyDelete
    Replies
    1. බ්ලොගෙත් මතකයි සජ්ජාත් මතකයි

      Delete
  7. //මල් පටවන ඒජන්සිය රට ඉඳි පැණි පෙරනවා

    මල් පරවෙන අරාබියට අපි පෙත්සම් ගහනවා // ඇත්ත නේන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකේ

      Delete
    2. ස්තූතියි තිලකේ

      Delete
    3. පැණි පෙරන්නෙ කවුරුත් - රොන් බෙදන්නෙ කවුරුත්

      Delete
  8. මේ රටට සල්ලි එන්නේ ඒ මල් වලින්.පාලකයෝ එක තේරුම් ගන්න ඕනේ.ඒ විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිට වඩා වැඩියෙන් ආණ්ඩුව පෙනි සිටින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පාලකයො තේරුම් ගන්නෙ නෑ මචං

      Delete
  9. අපිත් කාගෙ පිටහරි වරද පටවන්ඩ එපැයි බන්!!

    ReplyDelete
  10. ස්තූතියි දිනේෂ්

    ReplyDelete
  11. ඔව්වයින් පැහැදිලි වෙන්නේ රටට තියා ජනතාවටවත් ආදරයක් නැති පාලකයින් සිරි ලංකාව පාලනය කරනවා කියන එක විතරයි. උන්ට සැප විඳින්න සල්ලි එවනවනම් රටේම එවුන්ගේ බෙලි කැපුවත්, රටේම එවුන්ට ගල්ගහල මැරුවත් උන්ට නෙවෙයි ගානක් තියෙන්නේ. මම මේටික කිව්වේ පක්ස විපක්ස බේදයක් නැතුවයි. ගෑනු රට යවල ගෙවල්වලට වෙලා ඉන්න සැමියෝ ඉන්නවනම් උන්ව පුසී කලයුතුයි.

    ReplyDelete