Friday, May 1, 2015

වියපත් කිරිලියට පෙම් බැඳි යොවුන් කුරුල්ලෙක්ගේ නුරා ප්‍රේම කිචි බිචිය



තටු ගසනු නොහැකිද
කූඩුවේ කිරිලිය
ගහ කොළක වසන්නට
හිතේ ආසා නැතිද

හිරි වැටුණු තටු වලට
සුවඳ සම්භාහනයක් අකැපද
කූඩු දොරගුළු හරින හීනයක් දකිමුද
අනඟ හී සර කිතිය හරි සැරට දැණුනද

නොදැක අහසක් නොවැදි හුළඟක්
කිරිලි සිත වීද තැන්පත්
හිමි බෝම අයහපත් 
නුඹ කාලයෙන් වියපත් රූපයෙන් පෝසත්


නුරාගික කිචි බිචිය හතරතින්
දොර හරින යතුරු ගත් විහඟුන්
වනා අත් මවා හිරිවැටුමන්
සෙනෙහසක් නොනැගෙයි හැම නුරා හදකින්







5 comments:

  1. අමුතුම මාතෘකාවක්! සුපිරියි අයියේ!!

    ReplyDelete
  2. කිචී අපි පරක්කුද මන්දා මේ පැත්තට ඒන්න... කොහොම හරි ඔබ අාපු පාරෙම අැවිත් පාර හොයාගත්තා.. දැන් දිගට ම ඒන්නම්... බ්ලොගය නියමයි.. කවි සුපිරියි

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ එන්න තව කුරුටු ගාමු

      Delete
  3. ආදරේ වියපත් වෙන්නේ නෑ කියනවනේ.. නියමයි මචෝ..

    ReplyDelete