විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව
විද්‍යා උඹ විඳවපු තරම
දකුණෙ අපිටත් දැනුනා
දෙමළ ලිඟු හින්දා උතුරෙ උඹ මියයද්දි
සිහළ ළිඟු හින්දා සිහළ නංගිලත් මැරුණා
උතුරු යෝනියෙ කැළැල්
දකුණෙ ළිඟු දැක්කෙ නෑ
දකුණු යෝනියෙ කැළැල්
උතුරෙ ළිඟු දැක්කෙ නෑ
එහෙම දැක්කා නම්
ළිඟු කෙලින් වෙන් නෑ
යුද්ධයෙන් වේලිච්චි උතුරු යෝනියට
උතුරු ළිඟුවක් හතුරු කම් කෙරුවම
වේදනාවේ නිමක් නෑ
දකුණෙ ළිඟු ගැන කියල වැඩකුත් නෑ
උතුරු පෙමින් දකුණු යෝනිය තෙමෙන
දකුණු පෙමින් උතුරු යෝනිය තෙමෙන
ආදරෙන් ළිඟු කෙලින් වෙන
නොරිද්දෙන සුරාන්තයකින් අවසන් වන
දුෂණය නැති ප්‍රේමණීය සංසර්ග භූමියක්
විය යුතුමය මේ දූෂිත දූපත
දකුණෙන් උඹ ගැන
අඩුවෙන් කවි ලියවුනාට
දකුණෙ හදවතුත් ඇඬුවා ඉඳහිට
ලංකාවෙ කෙල්ලෙක්ව මැරුව වේදනාවට
මං හිතන්නේ
ReplyDeleteඋතුරේ හිත් තරමටම
දකුණේ හිතුත් ඇඬුවා..
ඒ උඹත් අපේම රටේ
මනුස්ස දුවක් ඌ නිසාමයි පුතේ
නැතුව උතුර දකුණ පටලවගෙන නෙවෙයි..
පුළුවන්නම් මැරිල හරි කියල දියන්
සමහර කාලකණ්නින්ට
අපි හැමෝගෙම ලේ රතු පාටයි
කඳුලු ලුණු රහයි බව...
දකුණෙ හිත් ඇඬුවෙ අඩුවෙන් කියල මට හිතෙන්නේ
Deleteදකුනේ හිත් ඇඪුවෙ අඩුවෙන් තමා කිචී. දකුනේ උන්ට ඇස් ඇරල බලන්න දේශපාලකයො ඉඩ දුන්නේ නෑ. අපි වගේ දහසක් සොයුරියො දූෂණය වෙද්දි ඒව සාමාන්‍ය දේවල් නෙමෙයි සීය සම්පූර්ණ වුනා ම පාටි දාන්න ලෑස්තිවෙලා හිටපු දකුණෙ ඒව්වො කොහෙද කිචී අඬන්නෙ.
Deleteබලපං මට උඹ කියනකං ඔය සභාපතියව මතක් උනේ නෑනේ බං සීය සම්පූර්ණ කරල පාටි දාපු. අපිටත් අමතක වෙනවනම් ජහමනයට මොනව නොවෙයිද බං
Deleteඋතුර දකුණ කියා නගේ වෙනසක් නොමැතී
ReplyDeleteනුඹ වෙනුවෙන් පණ තිබු හැම හදවත් ගැහුනී
වසන්තයේ සුව නොවිඳපු හිරිමල් කැකුලී
ගියත් යන්ට එපා එන්ට රකුසො තව හීදී
රකුසො තව හිඳී
Deleteඋතුරේ මෙන්ම දකුණේද බහුතරයක් මේ දියණිය ගැන දුක් වෙද්දී අතළොස්සක් ඒ මතින් ගිණි අවුලන්න හැදුවා/හදනවා. නියමයි කිචී. කවි ටික අර්ථාන්විතයි.
ReplyDeleteජය වේවා!!!
ළිඟු ප්‍රාණවත් වුනාම ජාතිවාදියො අවදි වෙනවා කියන්නේ ඕකට
Deleteකාගෙ වුණත් මවක්ගෙ/පියෙක්ගෙ දියණියක්. මේ වගේ දියණියන් කී දෙනෙක් මේ වැනි අපරාධයන්ට බිලි වුණාද? ඒත් ලියවෙන්නෙ කී දෙනෙක් ගැනද? මේ වැනි නිර්මාණ හැකි සෑම විටම කරන්න. විශේෂයෙන් වැඩිය නොකියවෙන අපරාධ ගැනනම් එය වඩාත් ඵලදායී වේවි.
ReplyDeleteඅපරාධ කොයිතරම් සාකච්ඡාවට ලක්වුනත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑනේ
Deleteතැලී පොඩිවුණු
ReplyDeleteඋතුරු යෝනිය වෙනුවෙන්
උතුරු ලිඟු පණගැහි ගැහී
සාධාරණයම ඉල්ලන විට..
දකුණු ලිඟු කෙළින් වී කෙළින්ටම හැදු අපූරුව...
මිනිස්කම් ඇබෑර්තුවී ඇත
Deleteමේ දෙවල් නතර වෙන තැනක් එනවනම් එ් මිනිස්සු වෙනස් වුණ දාක විතරයි !
ReplyDeleteඅපි එහෙමවත් හීනයක් දකිමු
Deleteමෙහෙම රැඩිකල් කවියක් ලියන්න. භය කියන දේ නැති වෙන්න ඕන මුලින්ම. ඊළඟට තමයි අනෙත් කරුණු පෙල ගැහෙන්නේ. ඒ නිසා මෙන්න මගේ ප්රණමය උඹට..
ReplyDeleteතවත් ලියහන් පුක නැති වෙන්නම..
බොහෝම ඉස්තූතියි මාතලං ලොක්කා
Deleteලිඟු, යෝනි, සුරතාන්තය, සංසර්ගය යනාදි වචන දැම්මහම ඕන කවියක් "රැඩිකල්" ද මාතලං ලොක්කො? අනේ තැන්කූ අදයි දැනගත්තෙ.
Delete“කෝන්ෂ්වරී“ මතක්වුනා...
ReplyDeleteඅනූ ගණන් වලදි සමූහ දූෂණයක් කරලා, ග්‍රෙනේඩ් එකක් යෝනියට ඇතුල් කරලා මරළා දාපු කෝනේෂ්වරී ගැන කවියක් රාවය පත්තරේ ගියා.
දූෂණයකින් සතුටක් ලබන්නෙ කොහොමද බං මිනිස්සු ?
Delete//මිනිස්සු?//
Deleteඋත්තරේ උඹෙ ප්‍රශ්නෙම තියෙනවා...
උඹේ කණ්නාඩියට මම හුඟක් කැමතියි
Deleteඔලු හිල් වෙන්න ඇනපු ටොක්කක්! සුපිරියි කිචි අයියේ!!
ReplyDeleteහම් .... හම් ....
Deleteකිචි,
ReplyDeleteදකුණේ සමහර කාලකන්ණි මේ කෙල්ලගේ මරණය උන්ගේ වාසියට හරවා ගන්න හැදුවේ හරිම නින්දිත විදියට.උතුරේ,දකුණේ වෙනසක් නැතුව මේ වගේ දේවල් වලට විරුද්ධව හඬ නගන්න ඕනේ.
යෝනියක් දැක්ක ගමන් ලිඟුව කෙලින් කරගන්න උන්ට අමතක වුනාද තමන්ගේ අම්මා,අක්කා,නංගි ගැන.
අම්මව සහෝදරියව අමතක කරපු උන් මිසක් මතකයේ තියෙන එකෙක්ට මෙහෙම දෙයක් කරන්න බෑ මචං
Deleteතේරෙන සිංහලෙන් , සුපිරියට කියල තියෙනවා මචෝ , වැදුනා !
ReplyDeleteවදින්න ඕන මහතැන්වලට අපි කියන දේවල් වදින් නැති එකනෙ දුක මචෝ
Deleteමේ දේවල් අවම කරන්න මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි..ලකොවට තියෙන ලොකුම අඩුව කෙලින් නීතියක් නැති වීමයි...කවිය පට්ටටම වදිනවා...
ReplyDeleteනීතිය හිල් වෙලා
ReplyDeleteමේ පුතාගෙ ජාතිකත්වය නිසා ලැබුනු අවධානය යොදාගෙන වත් මේ වගේ තිරිසනුන්ට දැනෙන දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක වෙන්න කාලෙ හරි දැං නම්.නැත්තං මහජනයා නීතිය ක්‍රියාත්මක කරන දවස වැඩි ඈතක නෑ.
ReplyDeleteජයවේවා..!!
ඇත්ත ....
Deleteඋතුරු යෝනියෙ කැළැල්
ReplyDeleteදකුණෙ ළිඟු දැක්කෙ නෑ
දකුණු යෝනියෙ කැළැල්
උතුරෙ ළිඟු දැක්කෙ නෑ
එහෙම දැක්කා නම්
ළිඟු කෙලින් වෙන් නෑ
ඇත්තටම උතුරෙ දකුණෙ මේ ලංකාවෙ අපේම ගෑනු/ මිනිස්සු විඳින දුක් හදවතින් දැක්ක නම් කෙලින් වුණු ලිඟුත් නැවෙනවා...
ජය වේ කිචී
රචනා ශෛලිය කදිමයි
උන්ගෙ ලපේ අපි දකින් නැත්තං අපේ ලපේ උන් දකින් නැත්තං ඉතිං හැමදාම මරාගන්න පුළුවන්
ReplyDelete