Thursday, May 28, 2015

විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව



විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව 




විද්‍යා උඹ විඳවපු තරම 
දකුණෙ අපිටත් දැනුනා
දෙමළ ලිඟු හින්දා උතුරෙ උඹ මියයද්දි
සිහළ ළිඟු හින්දා සිහළ නංගිලත් මැරුණා

උතුරු යෝනියෙ කැළැල් 
දකුණෙ ළිඟු දැක්කෙ නෑ
දකුණු යෝනියෙ කැළැල්
උතුරෙ ළිඟු දැක්කෙ නෑ

එහෙම දැක්කා නම්
ළිඟු කෙලින් වෙන් නෑ

යුද්ධයෙන් වේලිච්චි උතුරු යෝනියට
උතුරු ළිඟුවක් හතුරු කම් කෙරුවම
වේදනාවේ නිමක් නෑ
දකුණෙ ළිඟු ගැන කියල වැඩකුත් නෑ

උතුරු පෙමින් දකුණු යෝනිය තෙමෙන
දකුණු පෙමින් උතුරු යෝනිය තෙමෙන
ආදරෙන් ළිඟු කෙලින් වෙන
නොරිද්දෙන සුරාන්තයකින් අවසන් වන
දුෂණය නැති ප්‍රේමණීය සංසර්ග භූමියක් 
විය යුතුමය මේ දූෂිත දූපත


දකුණෙන් උඹ ගැන
අඩුවෙන් කවි ලියවුනාට
දකුණෙ හදවතුත් ඇඬුවා ඉඳහිට
ලංකාවෙ කෙල්ලෙක්ව මැරුව වේදනාවට





33 comments:

  1. මං හිතන්නේ
    උතුරේ හිත් තරමටම
    දකුණේ හිතුත් ඇඬුවා..
    ඒ උඹත් අපේම රටේ
    මනුස්ස දුවක් ඌ නිසාමයි පුතේ
    නැතුව උතුර දකුණ පටලවගෙන නෙවෙයි..
    පුළුවන්නම් මැරිල හරි කියල දියන්
    සමහර කාලකණ්නින්ට
    අපි හැමෝගෙම ලේ රතු පාටයි
    කඳුලු ලුණු රහයි බව...

    ReplyDelete
    Replies
    1. දකුණෙ හිත් ඇඬුවෙ අඩුවෙන් කියල මට හිතෙන්නේ

      Delete
    2. දකුනේ හිත් ඇඪුවෙ අඩුවෙන් තමා කිචී. දකුනේ උන්ට ඇස් ඇරල බලන්න දේශපාලකයො ඉඩ දුන්නේ නෑ. අපි වගේ දහසක් සොයුරියො දූෂණය වෙද්දි ඒව සාමාන්‍ය දේවල් නෙමෙයි සීය සම්පූර්ණ වුනා ම පාටි දාන්න ලෑස්තිවෙලා හිටපු දකුණෙ ඒව්වො කොහෙද කිචී අඬන්නෙ.

      Delete
    3. බලපං මට උඹ කියනකං ඔය සභාපතියව මතක් උනේ නෑනේ බං සීය සම්පූර්ණ කරල පාටි දාපු. අපිටත් අමතක වෙනවනම් ජහමනයට මොනව නොවෙයිද බං

      Delete
  2. උතුර දකුණ කියා නගේ වෙනසක් නොමැතී
    නුඹ වෙනුවෙන් පණ තිබු හැම හදවත් ගැහුනී
    වසන්තයේ සුව නොවිඳපු හිරිමල් කැකුලී
    ගියත් යන්ට එපා එන්ට රකුසො තව හීදී

    ReplyDelete
  3. උතුරේ මෙන්ම දකුණේද බහුතරයක් මේ දියණිය ගැන දුක් වෙද්දී අතළොස්සක් ඒ මතින් ගිණි අවුලන්න හැදුවා/හදනවා. නියමයි කිචී. කවි ටික අර්ථාන්විතයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ළිඟු ප්‍රාණවත් වුනාම ජාතිවාදියො අවදි වෙනවා කියන්නේ ඕකට

      Delete
  4. කාගෙ වුණත් මවක්ගෙ/පියෙක්ගෙ දියණියක්. මේ වගේ දියණියන් කී දෙනෙක් මේ වැනි අපරාධයන්ට බිලි වුණාද? ඒත් ලියවෙන්නෙ කී දෙනෙක් ගැනද? මේ වැනි නිර්මාණ හැකි සෑම විටම කරන්න. විශේෂයෙන් වැඩිය නොකියවෙන අපරාධ ගැනනම් එය වඩාත් ඵලදායී වේවි.

    ReplyDelete
    Replies
    1. අපරාධ කොයිතරම් සාකච්ඡාවට ලක්වුනත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑනේ

      Delete
  5. තැලී පොඩිවුණු
    උතුරු යෝනි‍ය වෙනුවෙන්
    උතුරු ලිඟු පණගැහි ගැහී
    සාධාරණයම ඉල්ලන විට..
    දකුණු ලිඟු කෙළින් වී කෙළින්ටම හැදු අපූරුව...

    ReplyDelete
    Replies
    1. මිනිස්කම් ඇබෑර්තුවී ඇත

      Delete
  6. මේ දෙවල් නතර වෙන තැනක් එනවනම් එ් මිනිස්සු වෙනස් වුණ දාක විතරයි ! 

    ReplyDelete
    Replies
    1. අපි එහෙමවත් හීනයක් දකිමු

      Delete
  7. මෙහෙම රැඩිකල් කවියක් ලියන්න. භය කියන දේ නැති වෙන්න ඕන මුලින්ම. ඊළඟට තමයි අනෙත් කරුණු පෙල ගැහෙන්නේ. ඒ නිසා මෙන්න මගේ ප්‍රණමය උඹට..

    තවත් ලියහන් පුක නැති වෙන්නම..

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තූතියි මාතලං ලොක්කා

      Delete
    2. ලිඟු, යෝනි, සුරතාන්තය, සංසර්ගය යනාදි වචන දැම්මහම ඕන කවියක් "රැඩිකල්" ද මාතලං ලොක්කො? අනේ තැන්කූ අදයි දැනගත්තෙ.

      Delete
  8. “කෝන්ෂ්වරී“ මතක්වුනා...

    අනූ ගණන් වලදි සමූහ දූෂණයක් කරලා, ග්‍රෙනේඩ් එකක් යෝනියට ඇතුල් කරලා මරළා දාපු කෝනේෂ්වරී ගැන කවියක් රාවය පත්තරේ ගියා.

    ReplyDelete
    Replies
    1. දූෂණයකින් සතුටක් ලබන්නෙ කොහොමද බං මිනිස්සු ?

      Delete
    2. //මිනිස්සු?//

      උත්තරේ උඹෙ ප්‍රශ්නෙම තියෙනවා...

      Delete
    3. උඹේ කණ්නාඩියට මම හුඟක් කැමතියි

      Delete
  9. ඔලු හිල් වෙන්න ඇනපු ටොක්කක්! සුපිරියි කිචි අයියේ!!

    ReplyDelete
  10. කිචි,
    දකුණේ සමහර කාලකන්ණි මේ කෙල්ලගේ මරණය උන්ගේ වාසියට හරවා ගන්න හැදුවේ හරිම නින්දිත විදියට.උතුරේ,දකුණේ වෙනසක් නැතුව මේ වගේ දේවල් වලට විරුද්ධව හඬ නගන්න ඕනේ.

    යෝනියක් දැක්ක ගමන් ලිඟුව කෙලින් කරගන්න උන්ට අමතක වුනාද තමන්ගේ අම්මා,අක්කා,නංගි ගැන.

    ReplyDelete
    Replies
    1. අම්මව සහෝදරියව අමතක කරපු උන් මිසක් මතකයේ තියෙන එකෙක්ට මෙහෙම දෙයක් කරන්න බෑ මචං

      Delete
  11. තේරෙන සිංහලෙන් , සුපිරියට කියල තියෙනවා මචෝ , වැදුනා !

    ReplyDelete
    Replies
    1. වදින්න ඕන මහතැන්වලට අපි කියන දේවල් වදින් නැති එකනෙ දුක මචෝ

      Delete
  12. මේ දේවල් අවම කරන්න මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි..ලකොවට තියෙන ලොකුම අඩුව කෙලින් නීතියක් නැති වීමයි...කවිය පට්ටටම වදිනවා...

    ReplyDelete
  13. නීතිය හිල් වෙලා

    ReplyDelete
  14. මේ පුතාගෙ ජාතිකත්වය නිසා ලැබුනු අවධානය යොදාගෙන වත් මේ වගේ තිරිසනුන්ට දැනෙන දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක වෙන්න කාලෙ හරි දැං නම්.නැත්තං මහජනයා නීතිය ක්‍රියාත්මක කරන දවස වැඩි ඈතක නෑ.

    ජයවේවා..!!

    ReplyDelete
  15. උතුරු යෝනියෙ කැළැල්
    දකුණෙ ළිඟු දැක්කෙ නෑ
    දකුණු යෝනියෙ කැළැල්
    උතුරෙ ළිඟු දැක්කෙ නෑ

    එහෙම දැක්කා නම්
    ළිඟු කෙලින් වෙන් නෑ


    ඇත්තටම උතුරෙ දකුණෙ මේ ලංකාවෙ අපේම ගෑනු/ මිනිස්සු විඳින දුක් හදවතින් දැක්ක නම් කෙලින් වුණු ලිඟුත් නැවෙනවා...
    ජය වේ කිචී
    රචනා ශෛලිය කදිමයි

    ReplyDelete
  16. උන්ගෙ ලපේ අපි දකින් නැත්තං අපේ ලපේ උන් දකින් නැත්තං ඉතිං හැමදාම මරාගන්න පුළුවන්

    ReplyDelete