Sunday, August 2, 2015

නුඹේ කරගන්න සයනය - මගේ කරගමි එහි පාමුල


කවදාවත්ම 

සිප ගන්න ඉඩ නොදුන්නට

නුඹව මට

මම තොල ගෑ තැනින්ම

ඇයි ඕනෙ වුනේ 


බොන්නට කෝපි උගුර





කියවන්න ගැහැණු සිත

ළාමකයි තවම මම

හැරෙන්නට බෑම කියන

බර සාර පිරිමි හිත



සැතපෙන්න ඇහුවාම

නුඹ අඬන කරුණු කිම


කුකුල්ලුත් නැගිටින්න හදන

පාන්දර වෙනකං තනි රැක

කොහොම නම් දමා යන්නද




නුඹේ කරගන්න සයනය

මගේ කරගමි එහි පාමුල


සිහිනයක් වත් දැක

පෙරළෙන්න ඉතිං නුඹ

සයනයට වඩා ඉඩ වැඩියි

සීතලයි මේ පොළොව

16 comments:

  1. ඔය බැල්ලි පැටවු ඔහොම්මමයි බං.හිතන්නේ එකක්.කියන්නේ තව එකක්.හිතේ තියන දේ තේරුම්ගන්න පුළුවන් එකෙක් තවම පහලවෙලා නැතුව ඇති මේ ලෝකෙට.ඒ නිසා බිමම නිදාගනින් පොතේ අත්සන් කරලා පර්මිට් එක ගන්නකම්.නැත්තන් බලෙන් කිස් එකක් දුන්නොත් උඹට මාසයක් සමාව ගන්න වෙයි.

    මොකද්ද මේ කලබලේ....?බ්ලොගර් අද රෑට වහනවා කියලා හිතුවද?එක වෙලාවෙම කවි දෙකක් පෝස්ට් කරලා.කලබලේ වැඩිකමට එකක හෙඩිමත් නෑ.මේකෙන් අසාධාරනයක් වෙන්නේ උඹටමයි.මේවා කියවන එවුන් මේවා කියවන්නේ දහසක් වැඩ රාජකාරී එක්ක.අස්සට ගිහින් ඇදලා අරගන පරණ පෝස්ට් කියවන්න යන්නේ නෑ ගොඩක් එවුන්.ඒකෙන් වෙන්නේ ඉස්සල්ලා දාපු කවිය හැංගිලාම යන එකයි හැමදාටම....

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ හරි කටුසු. මීට පස්සේ එක එක දානවා

      Delete
    2. කසුට්ටො,
      උනුත් අපි වගේ ඩිරෙක්ට් ඇදල ඇරියොත් ...ලා තියේවි. අනේ ඔය තියෙන විදිහට තිබුණාවෙ බාන්...

      Delete
  2. පව් අසරණයා

    ReplyDelete
  3. ගැහැනු හිත කියවන්න නම් අමුතුවෙන් ඉගෙන ගන්න වෙනවා කිචියෝ
    ජයවේ කිචිස්!

    ReplyDelete
  4. අම්මපා කණගාටුයි කොලුවෝ.................. මේක කියවලා මට කිචි වගේ

    ReplyDelete
    Replies
    1. කණගාටු වෙන්න එපා කුරුට්ටෝ ඔය කිචිය අපේ උරුමේ

      Delete
  5. උඹ මට අදහසක් දුන්නා... අර මැද පෙරදිගට සාමය උදාකරන්න හදපු බූතයාගෙ කතාව.
    (මොනවා වුනත් ගෑනුන්ගෙ ඔය ගතියට තමා මම කැමති. මම කසුට්ටට මල්ලව පොරයකට චැලේන්ජ් කරනවා ඔය කාරනාව උඩ... හුහ් - ප/ලි.. කසුට්ටා එනවනං කියහං... කල්වේලා ඇතිව ඉස්තානගත වෙංට එපායැ)

    ReplyDelete
    Replies
    1. ඕකා පාට මාරු කරයි බං

      Delete
  6. කිචිය හොඳ වෙයි
    බැදපු දවසට
    එතෙක් හිටපන්
    පුතේ ඇඳ යට.

    ReplyDelete